කතානායක ප්‍රමුඛ ව්‍යවස්ථාදායක සභාව මූලික අයිතීන් කඩ කළේ නෑ – අධිකරණය

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා විසින් කරන ලද නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමෙන් කතානායකවරයා ප්‍රමුඛ ව්‍යවස්ථාදායක සභාව මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) නිෂ්ප්‍රභ කළා.

පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි, කුමුදුනි වික්‍රමසිංහ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූවා.

මෙම පෙත්සම නීතිඥ බී.පී.එස්.එම්. පතිරත්න මහතා විසින් ගොනු කර තිබූ අතර පසුගිය අප්‍රේල් 30 වැනිදා පෙත්සම කරුණු තහවුරු කිරීමට කැඳවූ අවස්ථාවේ ජනාධිපතිවරයාට අග්‍රවිනිශ්චයකාරවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත් කිරීම හෝ යෝජනා කිරීම තහනම් කරමින් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කළා.

එදින ව්‍යවස්ථාදායක සභාව නිසි ක්‍රියා පටිපටිපාටික් අනුගමනය නොකරමින් ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට නම් කරන ලද විනිසුරුවරයෙකුගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදු වී ඇත්දැයි විමසා බැලීමට පෙත්සම විභාගයට විනිසුරු මඬුල්ල අවසර ලබා දුන්නා.

ඒ අනුව පෙත්සම් විභාගය ජූලි 25 වැනිදා අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල අද දින නියෝගය ලබා දෙමින් පවසා සිටියේ, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත්කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව වෙත ඉදිරිපත් කළ නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවේ බහුතර සාමාජිකයින් විසින් ගත් තීරණය නිවැරැදි තීරණයක් බවයි.

එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව තීන්දුව මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී නොමැති බව නිගමනය කළ විනිසුරු මඬුල්ල පෙත්සම රුපියල් ලක්ෂ 20ක නඩු ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළා.

නීතිපතිවරයා, කතානායකවරයා, අග්‍රාමාත්‍යවරයා, ව්‍යවස්ථාදායක සභාව ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය පෙනී සිටියා.

පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ආ නාමල් සංවේදි වෙයි
01:00
Video thumbnail
නිවුටන්ගේ නියමයෙන් මේක බේරගන්න බැහැ..නලින් බණ්ඩාරගෙන් සැර කතාවක්..
09:55
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13


?