කතරගම නාවික වන්දනා නිකේතනය සහ නාවික නිවාස සංකීර්ණය විවෘත කෙරේ

නාවික හමුදා පුද්ගලයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධන පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් අභිනවයෙන් ඉදිකළ කතරගම නාවික වන්දනා නිකේතනය සහ ශ්‍රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනයේ නාවිකයින්ගේ සුබසාධන පහසුකම් පුළුල් කරමින් ඉදිකළ නාවික නිවාස සංකීර්ණය විවෘත කිරීම ඊයේ (24)
සිදු කෙරුණා.

ඒ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මාලා ළමාහේවා මහත්මියගේ සහභාගීත්වයෙන්.

නාවික හමුදාධිපතිගේ උපදෙස් හා මඟපෙන්වීම මත, දකුණු නාවික විධානයේ ආඥාපතිගේ අධීක්ෂණය යටතේ, නාවික හමුදා ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් හා නාවික හමුදා බෞද්ධ සංගමයේ මූල්‍ය දායකත්වයෙන්, කතරගම දෙමහල් නාවික වන්දනා නිකේතනය ඉදිකිරීම සිදු කෙරුණා.

එමෙන්ම, ශ්‍රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනයේ රාජකාරි නියුතු නාවිකයින්ගේ සුභසාධන පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් එම ආයතනයේ ප්‍රධාන මුළුතැන්ගෙය, නාවික ගබඩාව, ආහාර ගබඩාව සහ සමුද්‍ර ගලවා ගැනීමේ උප මධ්‍යස්ථානය සහිත පස් මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සම්පූර්ණ කිරීමෙන් පසුව, මහා සංඝ රත්නයේ සෙත් පිරිත් සජ්ඣායන මධ්‍යයේ මෙලෙස නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම සිදු කෙරුණා.

එම ඉදිකිරීම් නියමිත ප්‍රමිතියට අනුව කඩිනමින් සම්පූර්ණ කිරීම සඳහා ශිල්පීය දායකත්වය දැක් වූ නාවිකයින් ඇමතූ නාවික හමුදාධිපති, එහිදී ඔවුන්ගේ සේවය ඇගයීමට ද කටයුතු කෙරුණු බවයි නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මෙම අවස්ථාව සඳහා දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චන්දිම සිල්වා, බටහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ, අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් චින්තක රාජපක්‍ෂ, අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු රියර් අද්මිරාල් ප්‍රශාන්ත ඇන්තනී, වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු කොමදෝරු රවී ගුණසිංහ ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ දකුණු නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?