කතරගම නාවික වන්දනා නිකේතනය සහ නාවික නිවාස සංකීර්ණය විවෘත කෙරේ

නාවික හමුදා පුද්ගලයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධන පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් අභිනවයෙන් ඉදිකළ කතරගම නාවික වන්දනා නිකේතනය සහ ශ්‍රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනයේ නාවිකයින්ගේ සුබසාධන පහසුකම් පුළුල් කරමින් ඉදිකළ නාවික නිවාස සංකීර්ණය විවෘත කිරීම ඊයේ (24)
සිදු කෙරුණා.

ඒ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මාලා ළමාහේවා මහත්මියගේ සහභාගීත්වයෙන්.

නාවික හමුදාධිපතිගේ උපදෙස් හා මඟපෙන්වීම මත, දකුණු නාවික විධානයේ ආඥාපතිගේ අධීක්ෂණය යටතේ, නාවික හමුදා ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් හා නාවික හමුදා බෞද්ධ සංගමයේ මූල්‍ය දායකත්වයෙන්, කතරගම දෙමහල් නාවික වන්දනා නිකේතනය ඉදිකිරීම සිදු කෙරුණා.

එමෙන්ම, ශ්‍රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනයේ රාජකාරි නියුතු නාවිකයින්ගේ සුභසාධන පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් එම ආයතනයේ ප්‍රධාන මුළුතැන්ගෙය, නාවික ගබඩාව, ආහාර ගබඩාව සහ සමුද්‍ර ගලවා ගැනීමේ උප මධ්‍යස්ථානය සහිත පස් මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සම්පූර්ණ කිරීමෙන් පසුව, මහා සංඝ රත්නයේ සෙත් පිරිත් සජ්ඣායන මධ්‍යයේ මෙලෙස නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම සිදු කෙරුණා.

එම ඉදිකිරීම් නියමිත ප්‍රමිතියට අනුව කඩිනමින් සම්පූර්ණ කිරීම සඳහා ශිල්පීය දායකත්වය දැක් වූ නාවිකයින් ඇමතූ නාවික හමුදාධිපති, එහිදී ඔවුන්ගේ සේවය ඇගයීමට ද කටයුතු කෙරුණු බවයි නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මෙම අවස්ථාව සඳහා දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චන්දිම සිල්වා, බටහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ, අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් චින්තක රාජපක්‍ෂ, අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු රියර් අද්මිරාල් ප්‍රශාන්ත ඇන්තනී, වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු කොමදෝරු රවී ගුණසිංහ ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ දකුණු නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25