AFC Banner
Empty Ad
Empty Ad

කතරගම දේවාලයේ ස්වර්ණ ප්‍රවේශය හිටපු ජනපති මහින්ද අතින් විවෘත වේ (වීඩියෝ)

රුහුණු මහා කතරගම දේවාලයේ ස්වර්ණ ප්‍රවේශය අද (21) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

ඓතිහාසික කතරගම දේවාලයේ දුටුගැමුණු රජ දවස සිට මැණික් ගඟෙන් පා දෝවනය කර කතරගම දෙවියන් වන්දනා කිරීම සිදුකරනු ලබන අතර, එම චාරිත්‍ර වාරිත්‍ර සුරැකීමේ අරමුණින් ස්වර්ණද්වාරයක් මෙලෙස ජනතාව වෙනුවෙන් නිර්මාණය කර තිබෙනවා.

කතරගම ඇසළ පෙරහැර මංගල්‍යට සමගාමීව මෙම ජල පා සෝදනය විවෘත කළ අතර, මේ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 50ක්.

ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත ගුවන් හමුදා සෙබළුන්ගේ ශ්‍රම දායකත්වයෙන් මෙම ස්වර්ණ ප්‍රවේශය ඉදිකර තිබෙනවා.

මේ අතර කතරගම වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
12
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?