කතරගම ඇසළ උත්සවයට එන බැතිමතුන්ට උපදෙසක්

වගකීමෙන් යුතුව නිසි පරිදි කසළ බැහැර කරන ලෙස රුහුණු මහ කතරගම දේවාලයේ ඇසළ උත්සවය සැමරීමට සහ වන්දනාමාන කටයුතු සඳහා කතරගමට පැමිණෙන බැතිමතුන්ගෙන් මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලීමක් කරනවා.

මෙවර රුහුණු මහ කතරගම දේවාලයේ පෙරහැර හෙට (19) සිට ජූලි මස 04 වන දින දක්වා පැවැත් වීමටයි සැලසුම් කර ඇත්තේ.

සාමාන්‍යයෙන් කතරගම ඇසළ උත්සව සමයේ දී බැතිමතුන් ලක්ෂ 15කට ආසන්න පිරිසක් කතරගමට පැමිණෙන අතර අක්‍රමවත් කසළ බැහැර කිරීම හේතුවෙන් කතරගම නගරය, පූජා භූමිය සහ මැණික් ගඟ ආදී ප්‍රදේශ වල ඝණ අපද්‍රව්‍ය ටොන් 1,700ක පමණ ප්‍රමාණයක් එක් රැස් වන බව සඳහන්.

මෙම තත්වය පාලනය කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය, කතරගම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ කතරගම පෙරහැර කමිටුව ඒකාබද්ධව වසර ගණනාවක සිට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර මෙවර ද එය ක්‍රියාත්මක කරනු ලබනවා.

ඒ අනුව, පූජාභූමියට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගයන්හි දී ගමන් මලු පරීක්ෂා කර පොලිතීන් මුලු වෙනුවට පරිසර හිතකාමී ආදේශක මලු ලබා දීම, කතරගම පූජා භූමිය වෙත බැතිමතුන් ප්‍රවාහනය කරන බස් රථවල දැනුම්වත් කිරීමේ ස්ටිකර් ප්‍රදර්ශනය, දැන්වීම් පුවරු මගින් සහ අත්පත්‍රිකා බෙදා දෙමින් මහජනතාව දැනුම්වත් කිරීම, ප්ලාස්ටික් බෝතල් එක් රැස් කිරීම සඳහා දැල් ආවරණ කසළ රදවන ස්ථාපිත කර තිබීම සහ කසළ බැහැර කළ හැකි ස්ථාන සකසා තිබීම ඇතුළු විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් නිවැරදිව කසළ බැහැර කිරීම සඳහා බැතිමතුන් යොමුකිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

පාද යාත්‍රා මාර්ගයේ ද කසළ නිසි ලෙස බැහැර කිරීමට අවශ්‍ය පහසුකම් සකසා තිබෙනවා.

එමෙන්ම ඇසළ උත්සවය අවසන් වූ පසු පූජා භූමිය ශ්‍රමදාන වැඩසටහන් මගින් පවිත්‍ර කිරීමටත් කසළ ප්‍රතිචක්‍රීකරණය සඳහා කටයුතු කිරීමටත් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ.

කතරගම නගරය, පූජා භූමිය සහ මැණික් ගඟ ආදී ප්‍රදේශ අවිධිමත් කසළ බැහැර කිරීම මගින් දූෂණයවීම වැළැක්වීම වැඩසටහනේ අරමුණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21