AFC Banner
AFC Banner
Empty Ad

කතරගම ඇසළ උත්සවයට එන බැතිමතුන්ට උපදෙසක්

වගකීමෙන් යුතුව නිසි පරිදි කසළ බැහැර කරන ලෙස රුහුණු මහ කතරගම දේවාලයේ ඇසළ උත්සවය සැමරීමට සහ වන්දනාමාන කටයුතු සඳහා කතරගමට පැමිණෙන බැතිමතුන්ගෙන් මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලීමක් කරනවා.

මෙවර රුහුණු මහ කතරගම දේවාලයේ පෙරහැර හෙට (19) සිට ජූලි මස 04 වන දින දක්වා පැවැත් වීමටයි සැලසුම් කර ඇත්තේ.

සාමාන්‍යයෙන් කතරගම ඇසළ උත්සව සමයේ දී බැතිමතුන් ලක්ෂ 15කට ආසන්න පිරිසක් කතරගමට පැමිණෙන අතර අක්‍රමවත් කසළ බැහැර කිරීම හේතුවෙන් කතරගම නගරය, පූජා භූමිය සහ මැණික් ගඟ ආදී ප්‍රදේශ වල ඝණ අපද්‍රව්‍ය ටොන් 1,700ක පමණ ප්‍රමාණයක් එක් රැස් වන බව සඳහන්.

මෙම තත්වය පාලනය කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය, කතරගම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ කතරගම පෙරහැර කමිටුව ඒකාබද්ධව වසර ගණනාවක සිට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර මෙවර ද එය ක්‍රියාත්මක කරනු ලබනවා.

ඒ අනුව, පූජාභූමියට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගයන්හි දී ගමන් මලු පරීක්ෂා කර පොලිතීන් මුලු වෙනුවට පරිසර හිතකාමී ආදේශක මලු ලබා දීම, කතරගම පූජා භූමිය වෙත බැතිමතුන් ප්‍රවාහනය කරන බස් රථවල දැනුම්වත් කිරීමේ ස්ටිකර් ප්‍රදර්ශනය, දැන්වීම් පුවරු මගින් සහ අත්පත්‍රිකා බෙදා දෙමින් මහජනතාව දැනුම්වත් කිරීම, ප්ලාස්ටික් බෝතල් එක් රැස් කිරීම සඳහා දැල් ආවරණ කසළ රදවන ස්ථාපිත කර තිබීම සහ කසළ බැහැර කළ හැකි ස්ථාන සකසා තිබීම ඇතුළු විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් නිවැරදිව කසළ බැහැර කිරීම සඳහා බැතිමතුන් යොමුකිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

පාද යාත්‍රා මාර්ගයේ ද කසළ නිසි ලෙස බැහැර කිරීමට අවශ්‍ය පහසුකම් සකසා තිබෙනවා.

එමෙන්ම ඇසළ උත්සවය අවසන් වූ පසු පූජා භූමිය ශ්‍රමදාන වැඩසටහන් මගින් පවිත්‍ර කිරීමටත් කසළ ප්‍රතිචක්‍රීකරණය සඳහා කටයුතු කිරීමටත් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ.

කතරගම නගරය, පූජා භූමිය සහ මැණික් ගඟ ආදී ප්‍රදේශ අවිධිමත් කසළ බැහැර කිරීම මගින් දූෂණයවීම වැළැක්වීම වැඩසටහනේ අරමුණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?