කතක් පැහැරගෙන කප්පම් ඉල්ලූ කතුන් දෙකක් පොලිස් දැලේ

කාන්තාවක් පැහැරගෙන ගොස් නිවසක සිරකර තබාගෙන කප්පම් මුදලක් ලබාගැනීමට උත්සාහ කළ බව කියන තවත් කාන්තාවන් දෙදෙනෙකු මාරවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොච්චිකඩේ – දළුවාකොටුව ප්‍රදේශයේ පදිංචිකාරියන් දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ.

කිසියම් පිරිසක් විසින් තම බිරිඳ පැහැරගෙන ගොස් කොච්චිකඩේ ප්‍රදේශයේ නිවසක රඳවා තබාගෙන කප්පම් මුදලක් ඉල්ලා සිටින බවට කටුනේරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් ඊයේ (24) මාරවිල පොලීසියට පැමිණිල්ලක් කර තිබුණා.

එම පැමිණිල්ල මත ක්‍රියාත්මක වූ පොලීසිය කොච්චිකඩේ ප්‍රදේශයේ නිවසක සිරකරගෙන සිටි කාන්තාව මුදාගැනීමට කටයුතු කර තිබෙනවා.

එහිදී අදාළ කාන්තාව පැහැරගෙන ගොස් බහලත්කාරයෙන් රඳවා තබාගෙන සිටි කාන්තාවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, මීට සහයෝගය දුන් තවත් පුද්ගලයින් සිව්දෙනෙකු පිළිබඳව ද කරුණු අනාවරණය කර ගකිමට හැකිව තිබෙනවා.

එම සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භකර ඇති බවයි පොලීසිය පැවසුවේ.

පැහැරගැනීමට ලක්වූ කාන්තාව අධික මානසික පීඩනයකට ලක්ව ඇති බැවින් ඇය ප්‍රතිකාර සදහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

කාන්තාව පැහැරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?