කතක් පැහැරගෙන කප්පම් ඉල්ලූ කතුන් දෙකක් පොලිස් දැලේ

කාන්තාවක් පැහැරගෙන ගොස් නිවසක සිරකර තබාගෙන කප්පම් මුදලක් ලබාගැනීමට උත්සාහ කළ බව කියන තවත් කාන්තාවන් දෙදෙනෙකු මාරවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොච්චිකඩේ – දළුවාකොටුව ප්‍රදේශයේ පදිංචිකාරියන් දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ.

කිසියම් පිරිසක් විසින් තම බිරිඳ පැහැරගෙන ගොස් කොච්චිකඩේ ප්‍රදේශයේ නිවසක රඳවා තබාගෙන කප්පම් මුදලක් ඉල්ලා සිටින බවට කටුනේරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් ඊයේ (24) මාරවිල පොලීසියට පැමිණිල්ලක් කර තිබුණා.

එම පැමිණිල්ල මත ක්‍රියාත්මක වූ පොලීසිය කොච්චිකඩේ ප්‍රදේශයේ නිවසක සිරකරගෙන සිටි කාන්තාව මුදාගැනීමට කටයුතු කර තිබෙනවා.

එහිදී අදාළ කාන්තාව පැහැරගෙන ගොස් බහලත්කාරයෙන් රඳවා තබාගෙන සිටි කාන්තාවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, මීට සහයෝගය දුන් තවත් පුද්ගලයින් සිව්දෙනෙකු පිළිබඳව ද කරුණු අනාවරණය කර ගකිමට හැකිව තිබෙනවා.

එම සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භකර ඇති බවයි පොලීසිය පැවසුවේ.

පැහැරගැනීමට ලක්වූ කාන්තාව අධික මානසික පීඩනයකට ලක්ව ඇති බැවින් ඇය ප්‍රතිකාර සදහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

කාන්තාව පැහැරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
09:57
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:44
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
00:54
Video thumbnail
අම්මෝ කොහොමද සයිස් එක - යෝධ පිඹුරෙකු හමුවෙයි
01:13
Video thumbnail
ලැජ්ජාවක් තියෙනවා නම් අනුර ඉල්ලා අස්වෙන්න
05:25
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
01:24
Video thumbnail
උඹේ පවුලම උස්සනවා බලාගනින් - අනවසර නිවසක් ඉවත්කරන්න යද්දී ඇති වූ උණුසුම් තත්ත්වය
02:10
Video thumbnail
ඇමතිවරු දැන් පිස්සු කෙ#න්නේ - මාධ්‍යට අත තියන්න එපා
06:17