Indian Premier League

කඩ 04ක් එක පෙළට ගිනි ගනියි

කාත්තන්කුඩි පොලිස් වසමේ ආරියම්පති ප්‍රදේශයේ මඩකලපුව – කල්මුණේ මාර්ගයේ පිහිටි නිමි ඇඳුම් වෙළෙඳසැලක්, පරණ බඩු වෙළෙඳසැලක්, පලතුරු වෙළෙඳසැලක් හා වාහන ගරාජයක් ඇති වූ හදිසි ගින්නකින් එම වෙළෙඳසැල් විනාශ වී තිබෙනවා.

කඩ පේළියක් ගිනි ගන්නා බවට පොලිසියට ලැබුණු පණිවිඩයක් මතයි මේ වනවිට කාත්තන්කුඩි පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත්තේ.

ඊයේ රාත්‍රී කාලයේ දී මෙම ගිනි ගැනීම සිදු ව ඇති අතර, ගින්න නිවා දැමීමට පොලිසිය, මඩකලපුව මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කළා.

නමුත් ගින්නෙන් විශාල දේපොළ හානියක් සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් කිසිදු තුවාලයක් හෝ ජීවිත හානියක් සිදු ව නැහැ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගින්නෙන් සිදු වූ අලාභය ද තක්සේරු කර නැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PRAHARAYA | නීතිිඥ උදය ගම්මන්පිල සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:31:36
Video thumbnail
වෙනදා රම්පෙට පොරි හැලෙන්න දෙන සාදු අද සයිලන්ට්
03:48
Video thumbnail
ඩෑන් මියගිය තැන නවතම දර්ශන - CCTV දර්ශනත් මාධ්‍යට නිකුත් වෙයි
03:39
Video thumbnail
ගහක් කඩා වැටී වාහන 07ක් යටවෙයි
00:58
Video thumbnail
ඩෑන්ගේ මව ඩෑන් ඉදිරියේ හඬා වැටෙයි - මගේ රත්තරං..අම්මට බෑ පුතේ ඉන්න
00:45
Video thumbnail
ගහක් කඩා වැටී වාහන 07ක් යටවෙයි - බොරැල්ලම හෙල්ලුනු අනතුරේ දර්ශන
09:03
Video thumbnail
ඩෑන්ගේ මව ඩෑන් ඉදිරියේ හඬා වැටෙයි - මගේ රත්තරං..අම්මට බෑ පුතේ ඉන්න
05:29
Video thumbnail
ජනාධිපති අනුර කියන්නේ ත්‍රස්#වාදියෙක් - ගම්මන්පිල හෙළි කරයි
07:29
Video thumbnail
ඩෑන් තවමත් ජිවතුන් අතර - පොලිසිය නැවත කියයි
08:11
Video thumbnail
වැල්ලම්පිටියේ වෙ# තැබීමෙන් ඩෑන් මියයයි - සංස්කරණය නොකළ දර්ශන මෙන්න
05:18

?