කඩ 04ක් එක පෙළට ගිනි ගනියි

කාත්තන්කුඩි පොලිස් වසමේ ආරියම්පති ප්‍රදේශයේ මඩකලපුව – කල්මුණේ මාර්ගයේ පිහිටි නිමි ඇඳුම් වෙළෙඳසැලක්, පරණ බඩු වෙළෙඳසැලක්, පලතුරු වෙළෙඳසැලක් හා වාහන ගරාජයක් ඇති වූ හදිසි ගින්නකින් එම වෙළෙඳසැල් විනාශ වී තිබෙනවා.

කඩ පේළියක් ගිනි ගන්නා බවට පොලිසියට ලැබුණු පණිවිඩයක් මතයි මේ වනවිට කාත්තන්කුඩි පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත්තේ.

ඊයේ රාත්‍රී කාලයේ දී මෙම ගිනි ගැනීම සිදු ව ඇති අතර, ගින්න නිවා දැමීමට පොලිසිය, මඩකලපුව මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කළා.

නමුත් ගින්නෙන් විශාල දේපොළ හානියක් සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් කිසිදු තුවාලයක් හෝ ජීවිත හානියක් සිදු ව නැහැ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගින්නෙන් සිදු වූ අලාභය ද තක්සේරු කර නැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13