AFC Banner
Empty Ad
Empty Ad

කටුවාපිටිය දේවස්ථානයේ ආරක්ෂාවට සිටි හමුදා සෙබළෙක් වෙඩි තබාගනී

මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි හමුදා සෙබළෙක් අද (28) උදෑසන සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඇති බව වාර්තා වනවා.

මෙම සෙබළා ඔහුගේ රාජකාරී ගිනි අවියෙන් උදර ප්‍රදේශයට වෙඩි තබාගෙන ඇති අතර, ඔහුව වහාම මීගමුව රෝහල වෙත ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඔහුට ජීවිත අවදානමක් නොමැති බවයි මීගමුව රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.

මෙලෙස වෙඩි තබාගෙන ඇත්තේ මීගමුව, බොලවලාන ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරී කළ සෙබළෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?