කටුනායක ගුවන්තොටුපොළේ 28කගේ සේවය අත්හිටුවයි

කටුනායක ගුවන් තොටුපොළ තුළ අලුතින් පිහිටවු ගුවන් තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සමිතියේ සභාපති ඇතුළු උසස් නිලතල දැරූ නායකයින් 28 දෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන අත්හිටුවා තිබෙනවා.

ඔවුන්ගේ සේවය අද දහවල් 12 සිට අත් හිටුවා අනිවාර්ය නිවාඩු ගැන්වීමකට ලක් කිරීමටයි සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය මහතා ලිපි මගින් පියවර ගෙන ඇත්තේ.

මෙම වෘත්තීය සමිතිය කටුනායක ගුවන් තොටුපොළ ඇතුළු ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක අනෙකුත් සියලුම ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, අභ්‍යන්තර ගුවන් තොටුපොළ සහ පිදුරුතලාගල රේඩාර් මධ්‍යස්ථානයේ සේවකයින් සම්බන්ධ වී සිටින බව ගුවන් තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සමිතියේ සභාපති ධම්මික ප්‍රනාන්දු සඳහන් කළා.

ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා පවත්වන සියලුම ගුවන් සේවා අවහිර සහ කඩාකප්පල් කිරීමේ අරමුණෙන් මෙම වෘත්තීය සමිතියේ ලේකම්වරයා විසින් ලිපි යවා ඇති බවටයි එම අනිවාර්ය නිවාඩු ගැන්වීමේ ලිපිවල සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා සදහන් කර ඇත්තේ .

එවැනි පියවරක් ගැනීමට මොවුන්ට නීත්‍යානුකූල සහ සදාචාරාත්මක අයිතියක් නොමැති බව සදහන් කරන සභාපතිවරයා මෙම විෂමාචාර කටයුත්ත පිළිබඳ බලපෑම්වලින් තොර විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට මෙලෙස වහාම බලපැවැත්වෙන පරිදි අනිවාර්ය නිවාඩු ගන්වා තිබෙනවා.

එසේම මෙම වෘත්තීය සමිති නායකයින් සතු ගුවන් තොටුපොළ ඇතුළුවීමේ අවසර පත් සහ ඔවුන් සේවය සඳහා භාවිතා කළ සියලු උපකරණ ඔවුන්ගේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත භාරදෙන ලෙසට දැනුම් දී තිබෙනවා .

එමෙන්ම මෙම පරීක්ෂණ අවසන් වන තෙක් සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ කිසිදු පරිශ්‍රයක් වෙත ඇතුළු වීම ද ඔවුන්ට තහනම් වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
7
+1
25
+1
4
+1
8
+1
4
+1
12
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16