AFC Banner
Empty Ad
Empty Ad

කටුනායකින් දකුණු කොරියාවට පිටත් වූ ගුවන් යානයක කාර්මික දෝෂයක්

දකුණු කොරියාවේ ඉන්චියොන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් පැය 02ක පමණ ගුවන් ගමනකින් පසුව යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (07) රාත්‍රියේ ආපසු ගොඩ බැස්සවීමට කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 470 දරණ ගුවන් යානය ඊයේ (07) පස්වරු 06.20ට කටුනායක ගුවන් තොටුපොළෙන් දකුණු කොරියාවේ ඉන්චියොන් ගුවන් තොටුපොළ බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් යානය ශ්‍රී ලංකා ගුවන් සීමාව පසු කිරීමට ආසන්නයේ තිබිය දී හදිසි කාර්මික දෝශයකට ලක්ව ඇති අතර, එම අවස්ථාවේ එහි ගුවන් මගීන් 144 දෙනෙකු සහ ගුවන් නියමුවන් ඇතුළු කාර්යය මණ්ඩලය 15 දෙනෙකු සිට තිබෙනවා.

අනතුරුව එම යානය ආපසු හරවා පැමිණ රාත්‍රී 08.10ට පමණ නිරුපද්‍රිතව කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමටයි එහි නියමුවන් කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
2
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?