AFC Banner
Empty Ad
Empty Ad

කටානේ කර්මාන්ත ශාලාවක ගින්නක්

කටාන මිරිස්වත්ත ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.

එය මැඩපැවැත්වීම සඳහා මේවන විට පියවර ගනිමින් සිටින බවයි ගම්පහ සහ මිනුවන්ගොඩ ගිනි නිවීම් ඒකක කියාසිටියේ.

කටාන දිවුලපිටිය මාර්ගයේ පිහිටි කොහු ආශ්‍රිත නිෂ්පාදන සිදු කෙරෙන කර්මාන්ත ශාලාවක මෙම ගින්න ආරම්භ වී ඇත්තේ අද අලුයම 4.45ට පමණයි.

අක්කර 18ක පමණ භූමි ප්‍රදේශයක පැතිර ඇති මෙම කර්මාන්ත ශාලාව පැය 24 පුරාම සේවා කටයුතු ක්‍රියාත්මක ආයතනයක්. අප වාර්තාකරුවන් සඳහන් කළේ මෙම කර්මාන්ත ශාලාව කොහු ආශ්‍රිත මෙට්ට ඇතුලු නිෂ්පාදන සිදු කරන ස්ථානයක් බවයි.

අද අලුයම එහි හටගත් ගින්න සේවකයන් දැක ඇති අතර අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් ගිනි නිවීම් ඒකක දැනුවත් කර තිබෙනවා.

ගින්නට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති අතර කටාන පොලිසියයි විමර්ශන මෙහෙයවන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?