කජ්ජා සහ දරු දෙදෙනා ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙක් ගුවන්තොටේ දී අත්අඩංගුවට (ඡායාරූප)

පසුගිය පෙබරවාරි මාසයේ දී මිද්දෙනිය ප්‍රදේශයේ දී අරුණ විදානගමගේ නොහොත් ‘කජ්ජා’ නැමැත්තා සහ ඔහුගේ දරුවන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ යතුරුපැදිකරු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු ඉන්දියාවට පලා ගොස් සිටිය දී ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබුවා.

එලෙස පිටුවහල් කළ සැකකරු දිවයිනට පැමිණි අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (25) උදෑසන කටුනායක ගුවන්තොටුපොළේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු 31 හැවිරිදි උස්වැව ගෙදර, දෙබොක්කාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිද්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත අද (25) පෙරවරුවේ භාරදීමට නියමිත බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?