කජ්ජා සහ දරු දෙදෙනා ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙක් ගුවන්තොටේ දී අත්අඩංගුවට (ඡායාරූප)

පසුගිය පෙබරවාරි මාසයේ දී මිද්දෙනිය ප්‍රදේශයේ දී අරුණ විදානගමගේ නොහොත් ‘කජ්ජා’ නැමැත්තා සහ ඔහුගේ දරුවන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ යතුරුපැදිකරු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු ඉන්දියාවට පලා ගොස් සිටිය දී ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබුවා.

එලෙස පිටුවහල් කළ සැකකරු දිවයිනට පැමිණි අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (25) උදෑසන කටුනායක ගුවන්තොටුපොළේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු 31 හැවිරිදි උස්වැව ගෙදර, දෙබොක්කාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිද්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත අද (25) පෙරවරුවේ භාරදීමට නියමිත බවයි තොරතුරු වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58