කච්චතිව් දූපත රාජ්‍ය තාන්ත්‍රිකව ශ්‍රී ලංකාවට හිමි වී ඇති බැවින් එය නැවත කිසි ලෙසකින් හෝ වෙනත් පාර්ශ්වයකට පවරා නොදෙන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් පවසනවා.
ඉන්දීය ධීවරයින් විසින් උතුරු මුහුදේ සිදුකරන අනවසර මසුන් ඇල්ලීමේ ක්‍රියාව හේතුවෙන් එම ප්‍රදේශයේ ධීවර සම්පත ද මේ වනවිට විනාශ වෙමින් පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් එරට පැවති උත්සවයක දී සඳහන් කළ, හදිසි අවස්ථාව යටතේ ශ්‍රී ලංකාව සමඟ ඇතිකරගත් ගිවිසුමක් නිසා ඉන්දීය ධීවරයින්ට ශ්‍රී ලංකා මුහුදු තීරයේ මසුන් ඇල්ලීමට තිබූ අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇත යන ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.
ඉන්දියාවේ මැතිවරණ කාල සීමාවන් හිදි කච්චතිව් දූපත සහ ඉන්දීය ධීවරයින් පිළිබඳ නොයෙකුත් කතා එරට දේශපාලන වේදිකා තුළ මතුවන බවද ධීවර අමාත්‍යවරයා සඳහන් කර සිටියා.
කෙසේ වෙතත් ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා සඳහන් කළේ නීත්‍යානුකූලව මෙරටට පවරා දුන් කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පැවරීමට කිසිසෙත් කටයුතු නොකරන බවයි.




