කච්චතිව් ඉන්දියාවට දෙන්නේ නැහැ – ධීවර ඇමති රජයේ ස්ථාවරය දන්වයි

කච්චතිව් දූපත රාජ්‍ය තාන්ත්‍රිකව ශ්‍රී ලංකාවට හිමි වී ඇති බැවින් එය නැවත කිසි ලෙසකින් හෝ වෙනත් පාර්ශ්වයකට පවරා නොදෙන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් පවසනවා.

ඉන්දීය ධීවරයින් විසින් උතුරු මුහුදේ සිදුකරන අනවසර මසුන් ඇල්ලීමේ ක්‍රියාව හේතුවෙන් එම ප්‍රදේශයේ ධීවර සම්පත ද මේ වනවිට විනාශ වෙමින් පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් එරට පැවති උත්සවයක දී සඳහන් කළ, හදිසි අවස්ථාව යටතේ ශ්‍රී ලංකාව සමඟ ඇතිකරගත් ගිවිසුමක් නිසා ඉන්දීය ධීවරයින්ට ශ්‍රී ලංකා මුහුදු තීරයේ මසුන් ඇල්ලීමට තිබූ අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇත යන ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

ඉන්දියාවේ මැතිවරණ කාල සීමාවන් හිදි කච්චතිව් දූපත සහ ඉන්දීය ධීවරයින් පිළිබඳ නොයෙකුත් කතා එරට දේශපාලන වේදිකා තුළ මතුවන බවද ධීවර අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

කෙසේ වෙතත් ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා සඳහන් කළේ නීත්‍යානුකූලව මෙරටට පවරා දුන් කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පැවරීමට කිසිසෙත් කටයුතු නොකරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08