ඕ.අයි.සීගේ ජීප් රථයේ කුණුහරුප ලියූ SI මාට්ටු

තියුණු ආයුධයකින් සීරීමකට ලක්කර පොලිස් ජීප් රථයකට අලාභ හානි සිදුකළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ජාඇල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් පරිහරණය කළ නිල පොලිස් ජීප් රථයට මෙලෙස අලාභ හානිකර ඇති බවයි චෝදනා එල්ල වී ඇත්තේ.

සැකකරු විසින් තියුණු පිහියක් වැනි ආයුධයකින් ජීප් රථයේ දොරවල් සහ බොනට්ටුව සූරා මෙලෙස හානිකර ඇති අතර, ජීප් රථයේ අසභ්‍ය වචන ද ලියා ඇති බව පොලීසිය පවසනවා.

පසුගිය පෙබරවාරි 27 වනදා ජීප් රථය පොලිස් ස්ථානය තුළ නතර කර තිබිය දී එහි බඳට මෙලෙස කිසියම් අයෙකු විසින් හානිකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව පොලිස් ඇඟිලි සලකුණු කාර්යාංශයේ නිලධාරීන් ගෙන්වා ජීප් රථයේ තිබූ ඇඟිලි සලකුණු පරික්ෂා කර ඇති අතර, එම වාර්තාවට අනුව එම පොලිස් ස්ථානයේ ම සේවයේ නියුතු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුගේ ඇඟිලි සලකුණු හා සමාන බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම ඇඟිලි සලකුණු වාර්තාව ලැබීමෙන් පසු අදාළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා නිවාඩු ලබා පොලිස් ස්ථානයෙන් පිටව ගොස් ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
20
+1
1
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46