spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඕ.අයි.සීගේ ජීප් රථයේ කුණුහරුප ලියූ SI මාට්ටු

තියුණු ආයුධයකින් සීරීමකට ලක්කර පොලිස් ජීප් රථයකට අලාභ හානි සිදුකළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ජාඇල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් පරිහරණය කළ නිල පොලිස් ජීප් රථයට මෙලෙස අලාභ හානිකර ඇති බවයි චෝදනා එල්ල වී ඇත්තේ.

සැකකරු විසින් තියුණු පිහියක් වැනි ආයුධයකින් ජීප් රථයේ දොරවල් සහ බොනට්ටුව සූරා මෙලෙස හානිකර ඇති අතර, ජීප් රථයේ අසභ්‍ය වචන ද ලියා ඇති බව පොලීසිය පවසනවා.

පසුගිය පෙබරවාරි 27 වනදා ජීප් රථය පොලිස් ස්ථානය තුළ නතර කර තිබිය දී එහි බඳට මෙලෙස කිසියම් අයෙකු විසින් හානිකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව පොලිස් ඇඟිලි සලකුණු කාර්යාංශයේ නිලධාරීන් ගෙන්වා ජීප් රථයේ තිබූ ඇඟිලි සලකුණු පරික්ෂා කර ඇති අතර, එම වාර්තාවට අනුව එම පොලිස් ස්ථානයේ ම සේවයේ නියුතු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුගේ ඇඟිලි සලකුණු හා සමාන බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම ඇඟිලි සලකුණු වාර්තාව ලැබීමෙන් පසු අදාළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා නිවාඩු ලබා පොලිස් ස්ථානයෙන් පිටව ගොස් ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
20
+1
1
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?