කොවිඩ් මර්දන එන්නත්කරණයේදී දෙවන මාත්‍රාවේ සිට තුන්වන මාත්‍රාව ගැනීමේ කාලසීමාව තවදුරටත් අඩු කිරීමට ඕස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.
මෙතෙක් එරට තුළ තුන්වන මාත්‍රාව හෙවත් බූස්ටර් මාත්‍රාව දෙනු ලැබුවේ දෙවන මාත්‍රාව ගෙන මාස 6ක් සම්පූර්ණ කළ අය සඳහායි.
කෙසේ වෙතත් එම කාලය මාස 5ක් දක්වා අඩු කිරීමටයි ඕස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ තීරණය කර ඇත්තේ.
ඔමික්‍රොන් ප්‍රභේදයට සාර්ථකව මුහුණදීම මෙහි අරමුණ වී තිබෙනවා.
කොවිඩ් වෛරසයට එරෙහි එන්නත්කරණයේ ඉහළ සාර්ථකත්වයක් අත්කරගත් රටක් ලෙසයි ඕස්ට්‍රේලියාව සැලකෙන්නේ.
එරට වයස අවුරුදු 16ට වැඩි අය අතරින් සියයට 90ක් මේවනවිට පූර්ණ එන්නත්කරණයට ලක්ව අවසන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
7