ඕස්ට්‍රේලියාවේ බලාපොරොත්තු දල්වන ශ්‍රී ලංකා – එංගලන්ත තීරණාත්මක තරගය අද

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය අද එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

සුපිරි 12 වටයේ තරගයක් වන මෙම තරගය අද (05) පස්වරු 1.30ට ආරම්භ වන්නේ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දීයි.

මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවසන් බලාපොරොත්තුව ඇතිව එංගලන්තය අද දිනයේ තරග බිමට පිවිසෙන අතර, අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමේ අරමුණින් ඕස්ට්‍රේලියාව අද ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය අපේක්ෂාවෙන් සිටිනවා.

ඒ, අනුව අද තරගයේ දී ඕස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් ශ්‍රී ලංකා කණ්ඩායමට සහාය දැක්වීමට සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනය වෙත පැමිණෙනු ඇති බවයි බොහෝ දෙනෙකුගේ මතය වී ඇත්තේ.

මේ අතර අද තරගයේ දී දඟ පන්දු යවන්නන්ට වඩාත් උච්ත තණ තීරුවක් බලාපොරොත්තු විය හැකි බව ක්‍රිකට් විචාරකයින් මත පළකරනවා.

ඒ, අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නිත්‍ය දඟ පන්දු යවන්නන් තිදෙනෙකු සමඟ අද තරගය සඳහා එක්වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා.

අවසන් පූර්ව වටයට පිවිසීමේ අවසන් අවස්ථාව හිමිව ඇති එංගලන්ත කණ්ඩායම අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් වනු ඇති බවට නොඅනුමානයි.

නවසීලන්ත කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (04) දිනයේ සහභාගී වූ තරග ජය ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ බලාපොරොත්තු බොඳව ගියා.

ඒ, අනුව ශ්‍රී ලංකාවට මේ වනවිට සිදුව ඇත්තේ 2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්ව යෑමටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
01:05
Video thumbnail
වෛද්‍ය වැඩ වර්ජනය ගැන GMOA එකෙන් කිව්ව සැර කතාව..සාකච්ඡා ඇලජික් වෙච්ච රජයක් මේක
13:37
Video thumbnail
මුන්ට හැමදාම ඉල්ලීම් ඉල්ලීම්..හෙ#ම ගහපියව් තොපිට..මේ ඔක්කෝටම ලෙඩ්ඩුද පලි
04:35
Video thumbnail
වෛද්‍ය වැඩ වර්ජනය නිසා රෝගීන්ගේ රතු කට්ට පනියි
01:10
Video thumbnail
විපක්ෂය ඒකාබද්ධ වුණාට ජනතාව විපක්ෂය එක්ක ඒකාබද්ධ වෙලා නෑ..විපක්ෂ නායකගේ තර්කය සාධාරණ නෑ
03:42
Video thumbnail
දරුණුම නියඟෙට වුණත් අපි සූදානම් වෙලා තියෙන්නේ..රටපුරා ප්‍රදේශවල ජල ගැටලුවක් ඇතිවෙලා
03:31
Video thumbnail
මුන්ට හෙ# ගහනවා..වෛද්‍ය වැඩ වර්ජනය නිසා රෝගීන්ගේ රතු කට්ට පනියි
02:46
Video thumbnail
ඩෙංගු මර්දනය කරන්න මාතර විශේෂ මෙහෙයුමක්
01:38
Video thumbnail
ඩෙංගු මර්දනය කරන්න මාතර නගර සභාවෙන් විශේෂ මෙහෙයුමක්
02:00
Video thumbnail
බාල ගල් අඟුරු පිටිපස්සේ ඉන්නේ විජයදාසගේ පුතා..?
05:59