ඕස්ට්‍රේලියානු පිතිකරුවන් අසරණ වූ නාග්පූර් සහ දිල්ලි තණතීරු ගැන ICCයෙන් දැනුම්දීමක්

සංචාරක ඕස්ට්‍රේලියානු කාණ්ඩයම සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරග දෙක පැවති ක්‍රීඩාංගණවල තණතීරු සම්බන්ධයෙන් පසුගිය දිනවල බොහෝ දෙනෙකු අතර කතා බහක් මතුව ආවා.

ඒ, දෙරට අතර පැවති පළමු සහ දෙවන ටෙස්ට් තරග දෙකම දින තුනක් තුළ අවසන් වීමත් සමඟයි.

එහිදී බොහෝ දෙනෙක් සඳහන් කළේ මෙම තරග දෙක සඳහා යොදාගත් නාග්පූර් සහ දිල්ලි තණතීරු ටෙස්ට් තරග සඳහා යෝග්‍ය නොවන බවයි.

කෙසේ වෙතත් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම තණතීරු දෙක සඳහා ‘සාමාන්‍ය’ ශ්‍රේණිගත කිරීමක් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, එම තරග දෙකේදීම තරග තීරකවරයා ලෙස කටයුතු කළ සිම්බාබ්වේ ජාතික ඇන්ඩි පයික්‍රොෆ්ට් විසින් ලබාදුන් වර්තාවක් අනුවයි.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරග දෙක තුල දී තණතීරු දෙකම දඟ පන්දු යවන්නන්ගේ පාරාදීසයක් වූ අතර, එහිදී ඉන්දියාවේ රවීන්ද්‍ර ජඩේජා, රවිචන්ද්‍රන් අශ්වින් සහ ඕස්ට්‍රේලියාවේ නේතන් ලයන්, ටොඩ් මර්ෆි වැඩි දක්ෂතා දැක්වීමට සමත් වුණා.

රවීන්ද්‍ර ජඩේජා, රවිචන්ද්‍රන් අශ්වින්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරග දෙකම ජය ගන්නට ඉන්දියාවට හැකියාව ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21