ඕමානයේ තානාපති කාර්යාලයට ගිය ශ්‍රී ලාංකික කතකට ගුටි (වීඩියෝ)

ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ දී විදේශ ජාතික කාන්තාවකගෙන් පහර කෑමට ලක් වූ ශ්‍රී ලාංකික කාන්තාවක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා.

පහර කෑමට ලක්වූ අදාළ කාන්තාව ගුවන් ගමන් බලපත්‍රයක් සම්බන්ධයෙන් විමසීම සඳහා තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් සමඟ තානාපති කාර්යාලය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණි විදේශ ජාතික කාන්තාවක් අදාළ කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකුට අමානුෂික ලෙස පහර දී ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කිසිඳු නිලධාරියෙක් මෙය සමතයකට පත් කිරීමට ද ඉදිරිපත් වී නොමැති බවට ද තොරතුරු වාර්තා වනවා.

අනතුරුව ඕමාන් පොලිසිය මඟින් තමන්ව අත්අඩංගුවට ගත් බව පහර කෑමට ලක් වූ මෙරට කාන්තාව සඳහන් කළා.

https://youtu.be/aWg4PpXsFic
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?