ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ගැන විශේෂ තීරණයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සම්බන්ධයෙන් එරට බලධාරීන් තවත් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

එරටට පැමිණෙන සංක්‍රමණයිකයින් සංඛ්‍යාව අඩු කිරීම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ

ඒ අනුව ඔවුන් තීරණය කර ඇත්තේ ජාත්‍යන්තර සිසුන් සිය වීසා ලබාගැනීමට ඔවුන් සතුව තිබිය යුතු ‘ඉතුරුම් මුදල’ නැවතත් වැඩි කිරීමටයි.

එමෙන්ම ඉතුරුම් ගිණුම් සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ලබාදී ඇති බවට හෙළිදරව් වුවහොත් දැඩි පියවර ගන්නා බව ඔවුන් දැඩි ලෙස අවධාරණය කරනවා.

ඒ අනුව මෙම සිකුරාදා (10) සිට ජාත්‍යන්තර සිසුවෙක් ඔස්ට්‍රේලියානු වීසා සඳහා අයදුම් කිරීමට සිය ඉතුරුම් ගිණුමේ ඔස්ට්‍රේලියානු ඩොලර් 29,710 ($19,576)ක් ඇති බවට තහවුරු කළ යුතු වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
2
+1
1
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?