ඔස්ට්‍රෙලියාවෙන් බිහි වූ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා එක්දින තරග රටාවට තිත තබයි

ජාත්‍යන්තර එක්දින තරග පිටියෙන් සමු ගැනීමට ඔස්ට්‍රෙලියාවේ තුන් ඉරියව් ක්‍රීඩක මාර්කස් ස්ටොයිනිස් තීරණය කර තිබෙනවා.

ඔහු සිය තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බවත් ඒ අනුව එළඹෙන චැම්පියන්ස් කුසලාන තරගාවලියෙන් ද ස්ටොයිනිස් ඉවත් වීමටයි තීරණය කර ඇත්තේ.

ඔහු ශ්‍රී ලංකවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය පැවැත්වීමට දින කිහිපයක් තිබියදි මෙම තීරණය ප්‍රකාශයට පත් කිරීම ද දැඩි කතාබහක් මතු කර තිබෙනවා.

ස්ටොයිනිස් ප්‍රකාශ කර ඇත්තේ තමන් එක්දින රටාවෙන් ඉවත් වන්නේ වැඩිවශයෙන් ම පන්දුවාර 20 තරග සඳහා දායක වීම වෙනුවෙන් බවයි.

35 හැවිරිදි ස්ටොයිනිස් එක්දින තරග 71කට ක්‍රීඩා කර ඇති අතර තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ලකුණු 1495ක් ලබාගෙන සිටිනවා.

ඔහු 2017 දී නවසීලන්තයට එරෙහිව නොදැවී ලකුණු 146ක් ලබා ගැනීම ඔහුගේ එක්දින දිවියේ හොඳම පිතිකරණයයි.

ඊට අමතරව ඔහු කඩුලු 48ක් බිඳ දමා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?