’ඔමික්‍රෝන්’ මඩින්න එන්නතක්

කොවිඩ් 19 ‘ඔමික්‍රෝන්’ වයිරස විකෘතිය අඩපණ කිරීමේ අරමුණින්, නව මාදිලියේ එන්නතක් නිපදවීම ආරම්භ කළ බව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ‘ඇස්ට්‍රාසෙනකා’ ඖෂධ නිෂ්පාදන සමාගම පවසයි.

”අද අප ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සමඟ එක් වී, ඔමික්‍රෝන් විකෘතිය ඉලක්ක කර ගනිමින් ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවීමේ මූලික කටයුතු ආරම්භ කළා. මේ වනවිට ඔමික්‍රෝන් විකෘතියේ ස්වභාවය කුමක්දැයි පැහැදිලි අවබෝධයක් ලැබී තිබෙනවා. නව එන්නත නිපදවීම සිදුවන්නේ ඒ අනුවයි. දැනට පවතින ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත ඒ අනුව යවත්කාලීන වේවි” යැයි ඇස්ට්‍රාසෙනකා සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ‘ඇස්ටාසෙනකා’ යනු ලොව පිළිගත් බ්‍රිතාන්‍ය ස්වීඩන ඖෂධ නිෂ්පාදන සමාගමකි.

‘කොවිඩ් 19’ සඳහා ‘ඇස්ටාසෙනකා’ සමාගම නිපදවූ ‘ඔක්ස්ෆර්ඩ්-ඇස්ටාසෙනකා’ ප්‍රතිශක්තිකරණ එන්නත, ලොව වැඩි දෙනකුට ලැබුණු එන්නතකි. රුධිර කැටි ඇතිවීමේ අවධානමක් පෙන්නුම් කර ඇත්තේ ද මෙම එන්නතය.

මහා බ්‍රිතාන්‍යයේ වැඩි පිරිසකට ලබා දී ඇත්තේ ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත සහ ඇමෙරිකාවේ ‘ෆයිසර්’ එන්නතය. ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත, ඉන්දියාවේ ‘සේරම්’ ඖෂධ නිෂ්පාදන සමාගම හරහා නිපදවන්නේ ‘කොවිෂීල්ඩ්’ යන වෙළෙඳ නාමය යටතේය.

”ඔමික්‍රෝන් විකෘතිය ඉලක්ක කරගෙනයි අප අලුත් එන්නතක් නිපදවීම ආරම්භ කළේ. කෙසේ නමුත් මෙම අලුත් එන්නත ඔමික්‍රෝන්වලට පමණක් සීමා කරන්න අප බලාපොරොත්තු වන්නේ නැහැ. ඉදිරියේ දී බිහිවන සියලු කොවිඩ් 19 විකෘති ප්‍රභේද අඩපණ කළ හැකි ආකාරයටයි අප මෙය නිපදවන්නේ” යැයි ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය වෙනුවෙන් මහාචාර්ය සැන්ඩි ඩග්ලස් පැහැදිලි කර තිබේ.

(රොයිටර්)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජීවන්ත පීරිස් පියතුමාගේ ප්‍රකාශය කතෝලික සභාව තරයේ හෙළාදකී..යුද්දයක් ඇවිලෙන්නට මේ ප්‍රකාශ හේතු වෙනවා
07:01
Video thumbnail
රෝහිණි අදත් ආණ්ඩුව සැරටම අමතයි
04:49
Video thumbnail
විමල්ට කරපු වැඩේ අපි හෙළාදකිනවා - විමල් කවදාවත් රට පාවා දුන්නේ නෑ
08:38
Video thumbnail
රොහාන් සිල්වා පියතුමා පාස්කුව ගැන කිව්ව දේ.."එකම බලාපොරොත්තුව යුක්තිය ඉෂ්ට කරගැනීම"
01:42
Video thumbnail
ජනාධිපතිතුමා හිටපු ත්‍රස්තවාදියෙක් - අනුරගේ හතුරා රණවිරුවෝ..?
01:38
Video thumbnail
කොටුව උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
02:56
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් දෙනවා කියලා මම කිව්වේ නෑ - ඔප්පු කළොත් ඉල්ලා අස්වෙන්නම්
07:04
Video thumbnail
කුලියාපිටිය උසාවිය ආ ගම්මන්පිල ආණ්ඩුවට දාපු කින්ඩිය
03:07
Video thumbnail
මනෝට ආණ්ඩු ලොකෙක්ගෙන් ආ ඇමතුම - ආණ්ඩුව පත්වෙච්ච එකට මම සතුටු වෙනවා
05:44
Video thumbnail
බොරුවේ උත්පත්තිය මාලිමාව - චමින්ද විජේසිරි සැරටම අමතයි
06:49