ඔමික්‍රොන් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට හේතු ලෝක සෞඛ්‍ය සංවිධානය පහදයි

ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට හේතු වී ඇති කරුණු ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පැහැදිලි කර තිබෙනවා.

එම සංවිධානයේ කොවිඩ් 19 තාක්ෂණික ප්‍රධානී මරියා වෑන් කර්කොව් විසින් සිදුකළ මෙම පැහැදිලි කිරීමේ දී ඒ සඳහා ඉවහල්වන ප්‍රධාන හේතුව වශයෙන් දැක්වූයේ ඔමික්‍රොන් ප්‍රභේදය මිනිස් සිරුරේ සෛලවලට පහසුවෙන් සම්බන්ධ වීමයි.

එන්නත්කරණයෙන් හෝ රෝගය වැළඳීමෙන් ඇතිවන ප්‍රතිශක්තිය මගහැරීමට පවතින හැකියාව ඔමික්‍රොන් ප්‍රභේදය සතුවන බවයි ඇය වැඩි දුරටත් සඳහන් කළේ.

ස්වසන මාර්ගයේ ඉහළ කොටසේ ඔමික්‍රොන් ප්‍රභේදය ප්‍රතිගුණනය වීම ද ඒ සඳහා දක්වා ඇති තවත් හේතුවක්.

මීට අමතරව ජනතාව වැඩි වශයෙන් ඒකරාශී වීම, සමාජ දුරස්ථභාවය ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළි නොපැදීම මෙන්ම ඇතැම් රටවලට බලපා ඇති ශීත ඍතුව හේතුවෙන් ජනතාව වැඩි වශයෙන් ගොඩනැගිලි තුළ රැඳී සිටීම වැනි කරුණු මෙම භයානක ඔමික්‍රොන් ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිරීමට හේතු වී ඇති අනෙකුත් සාධක ලෙස ඇය හඳුන්වා දුන්නා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?