ඔමික්‍රොන් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට හේතු ලෝක සෞඛ්‍ය සංවිධානය පහදයි

ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට හේතු වී ඇති කරුණු ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පැහැදිලි කර තිබෙනවා.

එම සංවිධානයේ කොවිඩ් 19 තාක්ෂණික ප්‍රධානී මරියා වෑන් කර්කොව් විසින් සිදුකළ මෙම පැහැදිලි කිරීමේ දී ඒ සඳහා ඉවහල්වන ප්‍රධාන හේතුව වශයෙන් දැක්වූයේ ඔමික්‍රොන් ප්‍රභේදය මිනිස් සිරුරේ සෛලවලට පහසුවෙන් සම්බන්ධ වීමයි.

එන්නත්කරණයෙන් හෝ රෝගය වැළඳීමෙන් ඇතිවන ප්‍රතිශක්තිය මගහැරීමට පවතින හැකියාව ඔමික්‍රොන් ප්‍රභේදය සතුවන බවයි ඇය වැඩි දුරටත් සඳහන් කළේ.

ස්වසන මාර්ගයේ ඉහළ කොටසේ ඔමික්‍රොන් ප්‍රභේදය ප්‍රතිගුණනය වීම ද ඒ සඳහා දක්වා ඇති තවත් හේතුවක්.

මීට අමතරව ජනතාව වැඩි වශයෙන් ඒකරාශී වීම, සමාජ දුරස්ථභාවය ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළි නොපැදීම මෙන්ම ඇතැම් රටවලට බලපා ඇති ශීත ඍතුව හේතුවෙන් ජනතාව වැඩි වශයෙන් ගොඩනැගිලි තුළ රැඳී සිටීම වැනි කරුණු මෙම භයානක ඔමික්‍රොන් ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිරීමට හේතු වී ඇති අනෙකුත් සාධක ලෙස ඇය හඳුන්වා දුන්නා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එකපාරම පදවියට අයිස් වැස්සක් පතිතවෙයි - මෙන්න එහි අපූරු දර්ශන
01:18
Video thumbnail
සංගීත සංදර්ශන සංවිධායකවරුන්ගෙන් සැර කතාවක් - දැන් තියෙන්නේ මියුසික් නෙවෙයි මනිසික්
13:32
Video thumbnail
ටින් අංකය ලබාගෙන නැති හැමෝම ඉක්මනින් ලබාගන්න - වැරදි අයුරින් ගත්තොත් නීතිය දැඩිවෙයි
06:14
Video thumbnail
අපේක්ෂිත අදායම් ඉලක්කය ඉක්මවා ගිහින්..වසර අවසානයේ බිලියන 100ක වැඩිපුර ආදායමක්
01:52
Video thumbnail
ශ්‍රී ලංකාවේ චීන තානාපති පළමු වරට ඇමති නලින්දව හමුවෙයි
01:24
Video thumbnail
බිස්කට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් අල්ලයි
00:49
Video thumbnail
පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
00:56
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57