ඔමික්‍රෝන් ආසාදිතයින් දැඩි අවදානමක

මේ වන විට මෙරටින් හඳුනා ගන්නා සියලුම කොවිඩ් රෝගීන් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කළේ, ඔමික්‍රෝන් ආසාදිතයින්ට නැවත නැවත වෛරසය ආසාදනය වීමේ හැකියාව පවතින බවය.

“අද මේ වන විට කොවිඩ් මර්දනයේ දී ඔමික්‍රෝන් ප්‍රභේදය හා සමග මතු වී තිබෙන තත්ත්වය ගැන තමයි මේ දිනවල වැඩිපුරම අවදානය යොමු කරන්නේ. ඒ මක්නිසා ද යත් දැන් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් රෝගීන්ගෙන් 100%ක්ම වාර්තා වෙන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වී ඇති අය බව තමයි තහවුරු වන්නේ. ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් ආසාදනය වු රෝගියෙකුට නැවත ඔමික්‍රෝන් ප්‍රභේදයෙන්ම ආසාදනය විය හැකියි. කිහිපවතාවක්ම ආසාදනය විය හැකියි. කතා බහක් තිබුණා මෙය එතරම් බරපතළ ප්‍රභේදයක් නොවේ ද කියලා. නමුත් ඒක වැරදි අදහසක් බරපතළ රෝගීන් දකිනවා තවමත්. ඔමික්‍රෝන් තත්ත්වය නිසා ICU ගත වෙච්ච රෝගීන් සිටිනවා. එම නිසා එන්නත්කරණයෙන් ප්‍රතිශක්තිය ඉහළ දමා ගැනීම අත්‍යාවශයයි.”

මේ අතර ඔමික්‍රෝන් ආසාදනය වීමෙන් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කරන බොහෝ පිරිසක් පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින් බව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඇන්තනී මෙන්ඩිස් මහතා සඳහන් කළේය.

“කණගාටුවෙන් හරි කියන්න තියෙනවා තාම අපේ දැඩි සත්කාර ඒකකවලට එකම එක වැක්සීන් ඩෝස් එකක්වත් ගහපු නැති අය එනවා. ඒකට හේතුව මේච්චර කල් මාස්ක් එක දාගෙන, ගෙවල්වලට වෙලා හැංගිලා, රස්සාවට යන්නෙත් නැතුව තියෙන තරම් උපරිම ක්‍රියාමාර්ග අරගෙන බේරිලා හිටියා. හැබැයි මේ පාර ඔමික්‍රෝන් ගෙන් නම් බේරිලා ඉන්න වෙන්නේ නෑ. තවම එකම වැක්සීන් එකක්වත් ගහලා නැති අයට මම ආරාධනා කරනවා. අපේ දැඩි සත්කාර ඒකකවලට එන්න එපා. වැක්සීන් එක ගහගන්න කියලා. අනිත් එක වැක්සීන් ඩෝස් දෙක ගහපු අයත් අපේ දැඩි සත්කාර ඒකකවලට එහෙන් මෙහෙන් පැමිණෙනවා. හැබැයි ඒ අය බොහෝමයක් හොඳ වෙලා ගෙදර ගියා. වැක්සීන් එකට පින්සිද්ධ වෙන්න අපිට ගොඩක් අය බේර ගන්න පුළුවන් වුණා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16