AFC Banner
AFC Banner
Empty Ad

ඔබ එක්ක සම්මානයකට නිර්දේශ වීමම මට ආඩම්බරයක් සහෝදරයා – හේමාල් රණසිංහ

SLIM PEOPLE සම්මාන උළෙල පසුගිය දා උත්කර්ෂවත් අයුරින් නිමාවට පත් වුණා.

මෙහිදී කලා අංශයේ සම්මාන අතර වසරේ ජනතාවගේ නළුවා සම්මානය රංජන් රාමනායකට සහ හේමාල් රණසිංහට හිමි වුණා.

හේමාල් මෙම සම්මාන උළෙලේදී වසරේ ජනතාවගේ නළුවා ලෙස සම්මානයට පාත්‍ර වුණේ පළමු වතාවටයි.

නමුත් රංජන් මීට පෙර වසර කිහිපයක් පිට පිටම ජනතාවගේ නළුවා බවට පත් වුණා.

කෙසේ වෙතත් මේ වනවිට රංජන් සිටින්නේ සිරගතවයි. ඔහු වෙනුවට සම්මානය ලබාගත්තේ රංජන්ගේ ආදරණීය මස්සිනා වන නිරන්ජන් අසෙරප්පා විසින්. කෙසේ වෙතත් සිය සම්මානය පිළිබඳව රංජන් හිර ගෙදර සිට ලියූ ලියුමක් ඔහුගේ මාධ්‍ය ඒකකය විසින් රංජන්ගේ ෆේස්බුක් ගිණුමට එක්කොට තිබුණා.

එම සටහනට සුබ පතමින් රංජන් සමග සම්මානයට පාත්‍ර වුණු හේමාල් මෙලෙස පවසා තිබුණා.

‘ඔබ එක්ක සම්මානයකට නිර්දේශ වීමම මට ආඩම්බරයක් සහෝදරයා. ඔබේ නම කියවනවිට කණ්අඩි පැලෙන්න අත්පුඩි ගහපු තවත් එකෙක් මම’

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
38
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?