ඔබේ විදුලි බිල ඉහළ යන්නේ මෙහෙමයි

අද (20) දිනයේ සිට ක්‍රියාත්මකවන පරිදි විදුලි ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දුන්නා.

ඒ, අනුව 18% කින් විදුලි ගාස්තුව ඉහළ දැමීමටයි එම කොමිසම අවසර ලබාදී ඇත්තේ.

මෙම අවසරයත් සමඟ එක්ක බිංදුවේ සිට එක්ක 30 දක්වා ඒකකයක් සඳහා රුපියල් 10.00ක් ව පැවති ගාස්තුව රුපියල් 12.00 දක්වා ඉහළ දමා තිබෙනවා.

ඊට අමතරව ඒ සඳහා පැවති රුපියල් 150.00ක ස්ථාවර ගාස්තුව රුපියල් 180.00 ක් දක්වා ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

එක්ක 31 සිට එක්ක 60 දක්වා ඒකකයක් සඳහා රුපියල් 25.00ක්ව පැවති ගාස්තුව රුපියල් 30.00ක් දක්වා ඉහළ ද,ආ ඇති අතර, එහි ස්ථාවර ගාස්තුව ලෙස පැවති රුපියල් 300.00ක අගය රුපියල් 360.00ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

එක්ක 61 සිට එක්ක 90 දක්වා එක් ඒකකයක් සඳහා අයකළ රුපියල් 35.00ක ගාස්තුව රුපියල් 41.00ක් දක්වා මිල ඉහළ දමා ඇති අතර, ස්ථාවර ගාස්තුව රුපියල් 400.00 සිට රුපියල් 480.00ක් දක්වා ඉහළ දැමීමටයි අවසර හිමිව ඇත්තේ.

එමෙන්ම එක්ක 91 සිට එක්ක 120 දක්වා ඒකකයක් සඳහා රුපියල් 50.00ක් ලෙස පැවති ගාස්තුව ඉහළ දමා ඇත්තේ රුපියල් 59.00ක් ලෙසටයි.

එම එක්ක කොටසේ ස්ථාවර ගාස්තුව රුපියල් 1000.00 සිට රුපියල් 1180.00ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

මෙම මිල ඉහළ දැමීම යටතේ එක්ක 121 සිට එක්ක 180ක් දක්වා ඒකකයක් සඳහා රුපියල් 50.00ක්ව පැවති ගාස්තුව රුපියල් 59.00ක් දක්වා ඉහළ යන අතර, එහි ස්ථාවර ගාස්තුව ද රුපියල් 1500.00 සිට රුපියල් 1,770.00ක් දක්වා ඉහළ යනවා.

ඒකක 181න් ඉහළ සෑම ඒකකයක් සඳහාම පැවති රුපියල් 75.00ක ගාස්තුව රුපියල් 89.00ක් දක්වා ඉහළ දමා ඇති අතර, ස්ථාවර ගාස්තුව ද රුපියල් 2,000.00 සිට රුපියල් 2,360.00ක් දක්වා ඉහළ දමාතිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
21
+1
12
+1
9
+1
23
+1
10
+1
22
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43