spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඔබේ විදුලි බිල ඉහළ යන්නේ මෙහෙමයි

අද (20) දිනයේ සිට ක්‍රියාත්මකවන පරිදි විදුලි ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දුන්නා.

ඒ, අනුව 18% කින් විදුලි ගාස්තුව ඉහළ දැමීමටයි එම කොමිසම අවසර ලබාදී ඇත්තේ.

මෙම අවසරයත් සමඟ එක්ක බිංදුවේ සිට එක්ක 30 දක්වා ඒකකයක් සඳහා රුපියල් 10.00ක් ව පැවති ගාස්තුව රුපියල් 12.00 දක්වා ඉහළ දමා තිබෙනවා.

ඊට අමතරව ඒ සඳහා පැවති රුපියල් 150.00ක ස්ථාවර ගාස්තුව රුපියල් 180.00 ක් දක්වා ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

එක්ක 31 සිට එක්ක 60 දක්වා ඒකකයක් සඳහා රුපියල් 25.00ක්ව පැවති ගාස්තුව රුපියල් 30.00ක් දක්වා ඉහළ ද,ආ ඇති අතර, එහි ස්ථාවර ගාස්තුව ලෙස පැවති රුපියල් 300.00ක අගය රුපියල් 360.00ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

එක්ක 61 සිට එක්ක 90 දක්වා එක් ඒකකයක් සඳහා අයකළ රුපියල් 35.00ක ගාස්තුව රුපියල් 41.00ක් දක්වා මිල ඉහළ දමා ඇති අතර, ස්ථාවර ගාස්තුව රුපියල් 400.00 සිට රුපියල් 480.00ක් දක්වා ඉහළ දැමීමටයි අවසර හිමිව ඇත්තේ.

එමෙන්ම එක්ක 91 සිට එක්ක 120 දක්වා ඒකකයක් සඳහා රුපියල් 50.00ක් ලෙස පැවති ගාස්තුව ඉහළ දමා ඇත්තේ රුපියල් 59.00ක් ලෙසටයි.

එම එක්ක කොටසේ ස්ථාවර ගාස්තුව රුපියල් 1000.00 සිට රුපියල් 1180.00ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

මෙම මිල ඉහළ දැමීම යටතේ එක්ක 121 සිට එක්ක 180ක් දක්වා ඒකකයක් සඳහා රුපියල් 50.00ක්ව පැවති ගාස්තුව රුපියල් 59.00ක් දක්වා ඉහළ යන අතර, එහි ස්ථාවර ගාස්තුව ද රුපියල් 1500.00 සිට රුපියල් 1,770.00ක් දක්වා ඉහළ යනවා.

ඒකක 181න් ඉහළ සෑම ඒකකයක් සඳහාම පැවති රුපියල් 75.00ක ගාස්තුව රුපියල් 89.00ක් දක්වා ඉහළ දමා ඇති අතර, ස්ථාවර ගාස්තුව ද රුපියල් 2,000.00 සිට රුපියල් 2,360.00ක් දක්වා ඉහළ දමාතිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
21
+1
12
+1
9
+1
23
+1
10
+1
22
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?