අද විශේෂ ඩෙංගු මර්දන දිනයක් ලෙස ප්රකාශයට පත් කර තිබෙනවා. ඩෙංගු අධි වසංගත තත්ත්වයක් පැතිරීමේ අවදානමක් හේතුවෙන් අද දිනය මෙලෙස ප්රකාශයට පත් කර තිබෙනවා
පසුගිය ජුනි මාසය තුලදී පමණක් රෝගීන් 8000 කට ආසන්න සංඛ්යාවක් වාර්තා වී ඇති බවයි සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්ය අසේල ගුණවර්ධන සඳහන් කළේ.
වසරේ මේ දක්වා කාලය තුල ඩෙංගු රෝගීන් 43,000 කට වැඩි සංඛ්යාවක් වාර්තා වී තිබෙනවා.සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් දැනුම් දෙන්නේ අද රජයේ සහ පෞද්ගලික ආයතනවල පැයක කාලයක් පිරිසිදු කළ යුතු බවටයි .
සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් දැනුම් දෙන්නේ අද රජයේ සහ පෞද්ගලික ආයතනවල පැයක කාලයක් පිරිසිදු කළ යුතු බවටයි .

ඩෙංගු අප පරිසරය විනාශකිරීමේ අතුරු ප්රතිඵලයක් වේ.මදුරුවර්ගද පරිසරයේ අත්යාවශ්ය කොටසෙකි.
වගුරු පරිසර පද්ධතිය විනාශ කිරීමෙන් එහි ජෛව සමතුලිතතාව බිඳීයාමෙන් මෙසේ ඇතැම් වෛරස් බලවත් වේ.එදා සිටි ගෙඹි ගහණය ලූලන් කාවයියන් කණයන් මඩයින් තලකොස්සන් තබා තිත්තයින් පවා අද වඳකොට ඇත.එබැවින් නිදහසේ පොල්කටුවක් හෝ විසිකරන්නට අද නොහැකිව තිබේ.ඩෙංගු පලමු හා අවසන් නිර්මිත වසංගතය නොවේ.ඉදිරියේදී ජලවිදුලි මාෆියාව විසින් ලංකාවේ ඇල දොල විනාශකිරීමේ ප්රථිපල ඉක්මනින් ලැබෙනු ඇත.
නව වසංගත මීඋණ වැනි ඒවා නවමුව තැනෙනු ඇති.
කෙසේ වුවත් අද ගෙම්බන්ගේ කාරිය , ලූලන්ගේ තිත්තයින්ගේ කාරිය මිඳුලට වැහිපීල්ලට බැස අපට කරන්නට සිදුව ඇත.
රටෙහි මේ විනාශයට කිසිසේත් දායකනොවූ දූදරුවන්ගේ දිවි රැකගන්නට අප ගෙම්බන් වියයුතුව ඇත.
එය ජාතික වගකීමකි.
නිවෙස් පරිශ්රය රෝහල් හා වැඩබිම් පරිශ්රය වෙසෙසින්ම පිරික්සියයුතුව ඇත.
එය ඔබේත් මගේත් වගකීමයි.
එහෙත් ඉතිරි පාරිසරික සම්පත් හෝ රැකගැනීමට ඔබ අපට සහායවියයුතුව ඇත.
හෙටපොල්කටු විසිකරන්නට ඇවැසි නොවන සේ බිඳදැමූ පර්සරය ඔබව ආර්ථිකව බිඳිනු ඇත.
එහෙත් අපේ වගකීම හොඳින් ඉටුකරමු.
අපේ නිවෙස රටට මඳුරුවන් නිකුත්කරන ඒකකයක් නොකරන්නට සහාය වෙමු.
එම කාරිය ප්රචාරයට සහායවෙමු.
ස්තූතියි.