ඔබතුමා අවසර දෙනවානම් ගෙදරින් කෑම ගේන්නම් : භෝජනාගාරය වසා දමන්න – මන්ත්‍රී කැටගොඩ කියයි

කථානායකවරයා අවසන් දෙන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගෙදරින් කෑම ගෙන ඒමට හැකියාව ඇති බවත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී භෝජනාගාරය වසා දමන්නැයි තමා ඉල්ලා සිටින බව මන්ත්‍රී ජයන්ත කැටගොඩ පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කර සිටියා.

කතානායකවරයා අවසර දෙන්නේ නම් පාර්ලිමේන්තු භෝජනාගාරය වසා දැමිය හැකි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී භෝජනාගාරයේ දියර කිරි ගැන පළවූ වාර්තාව සම්බන්ධයෙන් ඇතිවූ සංවාදයේදී ඇතිවූ සංවාදය මෙසේයි :

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර :

මොකක්ද මේ මන්ත්‍රී භෝජනාගාරයේ ඇතිවෙලා තියෙනවා කියන කිරි සිද්ධිය. මේ වගේ සිද්ධියක් වෙලා නම් ඒක මෙතන ඉන්න 225ටම හොඳ නැහැ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන :

ජයන්ත කැටගොඩ මන්ත්‍රීතුමා ඒ ගැන දැන් ප්‍රකාශයක් කරනවා.

ජයන්ත කැටගොඩ මන්ත්‍රිවරයා : මන්ත්‍රීවරුන් පිරිසක් දියර කිරි ඉල්ලා යකා නටලා කියලා පුවත්පත් වාර්තාවක් පළ වී තිබුණා. අපි ඒ ගැන සොයා බැලුවා. එහෙම සිද්ධියක් වෙලා නෑ. මේ ගැන පරීක්ෂණයක් පවත්වන්න.

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි :

පාර්ලිමේන්තුවේ අයට හැමදේම තියෙනවා. අපිට මොකුත් නෑ කියලා ජනතාව කියනවා. අද පාර්ලිමේන්තුවේ ගෑස් හිඟයක් නෑ.ඒත් රටේ මිනිස්සුන්ට ගෑස් නැහැ. රටේ ජනතාවට තියෙන ප්‍රශ්නය අපි හොඳින් දන්නවා. කිරි ප්‍රශ්නයත් අපිට විතරක් නෙමේ රටටත් තියෙනවා. ගරු කතානායකතුමනි මේ තත්ත්වය නිවැරදි වෙන්න ඕන. මන්ත්‍රීවරයකු විදියට මටත් මේ චෝදනාව එනවා.

ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා :
ඔය හොරාට ඉස්සෙල්ලා කෙහෙල් කැන පැන්න වගේ වැඩක්. මන්ත්‍රී භෝජනාගාරය වහල දාන්න. අපිට ප්‍රශ්නයක් නෑ. අපි ගෙදරින් කෑම එකක් ගෙනල්ල කන්නම්. අපි මෙතනට එන්නේ කන්න නොවෙයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන :

මම ඒ වාර්තාව දැක්කා. ඒ ගැන පරීක්ෂණයක් පවත්වන්නම්. මේක තවදුරටත් සංවාදයක් කරගන්න එපා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?