ඔන්ලයින් පනතේ සංශෝධන කිහිපයක් – අද හෝ ලබන සතියේ කැබිනෙට්ටුවට

පසුගිය ද පාර්ලිමේන්තුවේ දී සම්මත කරගත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ සංශෝධන කිහිපයක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

ඒ අනුව අද (12) දිනයේ දී රැස්වෙන අමාත්‍ය මණ්ඩල හමුවට හෝ ලබන සතියේ රැස්වෙන අමාත්‍ය මණ්ඩල හමුවට එම සංශෝධනයන ඉදිරිපත් කරන බවයි වාර්තා වුණේ.

විවිධ පාර්ශ්වවල විරෝධතා සැලකිල්ලට ගනිමින් රහය විසින් මෙම සංශෝධනයන සිදුකිරීමට නියමත බව සඳහන්.

ඒ, අනුව එම සංශෝධනයන් වලින් පසු සංශෝධිත පනත් කෙටුම්පත ගැසට් කිරීමෙන් අනතුරුව පළමු වර කියවීම එළඹෙන පාර්ලිමේන්තු දිනයන්වල දී ඉදිරිපත් කිරීමට නියමිතයි.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ බොහෝ වගන්ති සම්බන්ධයෙන් විපක්ෂය ඇතුළු බොහෝ පාර්ශ්වව දැඩි විවේචන එල්ල කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
2
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?