ශ්‍රේෂ්ඨාධිකරණයේ රහස්‍ය තීන්දුවක් ඉදිරියේ දී කථානායකට

ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත හෙවත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පනත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහස්‍ය තීන්දුව ඉදිරියේ දී පාර්ලිමේන්තුවට දැනුම්දෙන බව වාර්තාවනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ පනත් කෙටුම්පතේ සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ව සාකච්ඡා කර අවසන් බව ද සඳහන්.

ඒ අනුව අධිකරණයේ රහස්‍ය තීන්දුව පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් ආචාර්‍ය අම්භිකා සත්කුනනාදන් ඇතුළු පිරිසක් ගොනු කළ පෙත්සමක් විභාගයට ගනිමින් මෙම තීරණය සලකා බැලුණා.

එම පෙත්සම් අද (23) ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් ඉදිරියේ (ඒ.එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න සහ වෙංගප්පුලි) විභාගයට ගැනුණා.

මෙම පනත් කෙටුම්පතේ තහනම් ප්‍රකාශ යන්න පැහැදිළි ව අර්ථකථනය කර නොමැති බවත්; ඊට අදාළ දඬුවම් සම්බන්ධයෙන් දක්වා නොමැති බවයි.

ඒ අනුව කිසියම් අවස්ථාවක මෙම පනත සම්මත වන්නේ නම්; ඊට පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර බලයක් සේ ම ජනමත විචාරණයක් ද අවශ්‍ය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසට ද පෙත්සම්කාර පාර්ශ්වය ඉල්ලා සිටියා.

එහිදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න පැවසුවේ මෙම පනත් කෙටුම්පතට ඉදිරිපත් කිරීමට සුදුසු සංශෝධන පිළිබඳ ව විෂය භාර අමාත්‍යාංශය වෙත නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදීමට කටයුතු කරන බවයි.

ඒ අනුව අදාළ ඉහත නියෝගය අධිකරණය විසින් නිකුත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?