ඔඩිසි දුම්රියේ දී ඡායාරූප ගන්න ගිය විදෙස් තරුණිය රෝහලේ

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන ඇල්ල ඔඩිසි දුම්රියේ ගමන්ගත් විදෙස් ජාතික තරුණියක් දුම්රියෙන් පිටතට නැමී ඡායාරූප ලබාගැනීමට යාමේ දී විදුලි රැහැන් කණුවක ගැටී දුම්රියෙන් ඇද වැටී තුවාල ලබා තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ඕස්ට්‍රේලියානු ජාතික තරුණියක් බවයි වාර්තා වන්නේ.

අනතුරින් තුවාල ලැබූ 27 හැවිරිදි විදෙස් ජාතික තරුණිය නුවරඑළිය රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම තරුණිය කොළඹ කොටුවේ සිට ඔඩිසි දුම්රියෙන් ගමන් ගෙන ඇති අතර, නානුඔය සහ අඹේවෙල අතර දී මෙම අනතුර මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?