‘ඒ’ – 09 ප්‍රධාන මාර්ගයේ වව්නියාව – නොච්චිමොටේ පාලම අසල දී අද (05) අලුයම සිදු වූ සුඛෝපභෝගී බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත්වූ අය අතර, 23 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක් ද සිටින බව පොලිසිය පවසනවා.
රාමක්‍රිෂ්ණන් සයාකරි නමැති නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි ඇය යාපනය විශ්වවිද්‍යාලයේ මනෝ වෛද්‍ය පීඨ සිසුවියක් බවයි වාර්තා වන්නේ.
ඇයගේ මෘත ශරීරය වව්නියාව මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති බවයි වාර්තා වුණේ.
මෙම අනතුරෙන් බස් රථයේ රියදුරු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.
තුවාල ලැබූ 17 දෙනෙකු වව්නියාව මහ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති අතර, ඉන් බරපතල තත්ත්වයේ පසු වූ දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර මහ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
රියදුරුට බස් රථයේ වේගය පාලනය කරගත නොහැකිව පාලමක ගැටී මාර්ගයේ පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.
අනතුර සිදුවූ අවස්ථාවේ දී ඒ සමඟ ගමන්කල අනෙක් බස් රථය ද පාලනයකර ගැනීමට නොහැකිව මාර්ගයේ අනෙක් පසින් ඉවතට ගොස් නතර වී තිබුණා.















