Empty Ad
AFC Banner
Empty Ad

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයට අධිකරණයෙන් නියෝගයක්

අද (17) සිට එළඹෙන 21 වැනි දින දක්වා ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය විසින් පැවැත්වීමට නියමිත ව තිබෙන උද්ඝෝෂණයකට එරෙහිව අධිකරණයෙන් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ වැලිකඩ පොලිස් වසමේ පොල්දූව වටරවුම ආශ්‍රිත ව විරෝධතාවක් හා සත්‍යග්‍රහයක් පැවැත්වීමට නියමිත බවට ලද තොරතුරක් අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ පවතින ප්‍රතිපාදන ප්‍රකාර ව කරන ලද ඉල්ලීමකට අනුව කොළඹ ප්‍රධාන අංක 04 මහේස්ත්‍රාත් අධිකරණය මගින් මෙකී නියෝගය නිකුත් කෙරුණු බවයි.

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක ධම්මික මුණසිංහ, එම සංගමයේ සාමාජිකයින් වන දකුණු පළාත් සභාපති රසික ප්‍රසාද්, මධ්‍යම පළාත් සභාපති සුමිත් රත්නායක මහතා සහ බස්නාහිර පළාත් ක්‍රියාකාරී සාමාජික එස්.එම්.එල්. රංවල යන අය ඇතුළු වෙනත් තැනැත්තන් අද දින සිට 21 වැනි දින දක්වා වැලිකඩ පොලිස් වසමේ පොල්දූව වටරවුම ආශ්‍රිත ව පැවැත්වීමට නියමිත විරෝධතා ව්‍යාපාරය හා සත්‍යග්‍රහයේ දී මාර්ග භාවිත කරන මහජනතාවට හා පදිකයින්ට අවහිර බාධා වන සේ කිසිම මාර්ගයක් හරස් කර විරෝධතා හෝ ප්‍රචණ්ඩ ක්‍රියා නොකිරීමටත්, මහජන නියෝජිතයින්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාදයන් උල්ලංඝනය වන අයුරින් රාජකාරියේ යෙදී සිටින රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරී සඳහා කිසිදු බාධාවක් වන අයුරින් උද්ඝෝෂණය කිරීම තහනම් කර තිබෙනවා.

කිසිදු පුද්ගලයෙකුට අවහිරයක් නොවන අන්දමින් මෙම උද්ඝෝෂණය සිදු කිරීමට සියලු වග උත්තරකරුවන් හා අනුගාමිකයින් වගබලා ගත යුතු බවත් අධිකරණ ආඥාවේ සඳහන්.

කිසිදු අවස්ථාවක මාර්ගය අවහිර කරමින් පෙළපාලි පැවැත්වීම තහනම් කරමින්, තව ද පොල්දූව වටරවුම ආශ්‍රිත ව හෝ එම මාර්ගය හා මාර්ගය දෙපස කිසිදු ඉදි කිරීමක් සිදු කිරීම තහනම් කරමින් එසේ වගකීම් ගැනීමට නොහැකි නම් අදාළ උද්ඝෝෂණ වග උත්තරකරුවන් විසින් නොපමාව විසිරුවා හැරිය යුතු වනවා.

මෙම අණ කඩ කළහොත් සාමය රකිනු වස් ශ්‍රී ලංකා පොලිසිය ඊට වහාම පියවර ගත යුතුය යනුවෙන් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?