එළවළු පැටවූ ලොරි රථයක් තෙල් බවුසරයක ගැටී අනතුරක් – එක් අයෙකුට බරපතළයි (වීඩියෝ)

එළවළු ලොරි රථයක් සහ බවුසරයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් ලොරි රථයේ සහායක බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

A9 මාර්ගයේ මිහින්තලය – පලුගස්වැව ප්‍රදේශයේ දී අද අලුයම 03ට පමණ මෙම අනතුර සිදු වුණා.

අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ; එළවළු ලොරි රථයක් ඉන්ධන බවුසරයක ගැටීමෙන් මෙම අනතුර සිදු වූ බවත්, ඉන් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

මෙසේ රෝහලගත කර ඇත්තේ එළවළු ලොරියේ ගමන් ගත් රියදුරු සහ ලොරි සහායකයා වන අතර එම ලොරි සහයකයාගේ තත්ත්වය බරපතළ බවත් රෝහල් ආරංචි මාර්ග පවසනවා.

මෙලෙස තුවාල ලැබූවන් යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මෙම ලොරි රථය, යාපනය ප්‍රදේශයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත එළවළු ප්‍රවාහනය කරමින් සිටියදී මාර්ගයේ නවතා තිබූ ඉන්ධන බහුසරයක පිටුපස ගැටී එළවළු ලොරි රථය පෙරළී ගොස් තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය විසින් පරීක්ෂණ පවත්වන අතර පොලිසිය පවසන්නේ එළවළු ලොරි රථයේ රියදුරුට නින්ද යාම අනතුරට හේතුව බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?