එයාර් ඉන්දියා ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි

එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් යානයක් නවදිල්ලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත අද (31) උදෑසන හදිසියේ ගොඩබස්වා තිබෙනවා.

යානයේ එන්ජිමක ගිනි ගැනීමක් සම්බන්ධයෙන් එහි නියමුවන්ට ලැබුණු සංඥාවකින් පසු මෙම හදිසි ගොඩබෑම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

නවදිල්ලියේ සිය ඉන්දෝර් බලා ගමන් අරඹා තිබූ මෙම එයාර් ඉන්දියා ගුවන් යානය ගුවන් ගත වී මිනිත්තු 30 කට පමණ පසු යානයේ නියමුවන්ට එන්ජිමක ගිනි ගැනීමක් සිදුව ඇති බවට සංඥාවක් ලැබී තිබෙනවා.

ඒ, අනුව වහාම ක්‍රියාත්මක වී නියමුවන් යානය ආපසු නවදිල්ලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමටයි කටයුතු කර ඇත්තේ.

ගුවන් යානය හදිසි ගොඩබෑමක් සිදුකරන අතර වාරයේ එහි පුද්ගලයින් 90කට වැඩි පිරිසක් සිට ඇති බවයි වාර්තා වුණේ.

සම්මත ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින්, නියමු කුටියේ කාර්ය මණ්ඩලය එන්ජිම වසා දැමීමට තෝරාගෙන දිල්ලියට ආපසු ගොස් ඇති අතර එහිදී ගුවන් යානය ආරක්ෂිතව ගොඩබැස්සවූ බව වාර්තා වනවා.

සිද්ධිය පිළිබඳව ගුවන් ආරක්ෂණ නියාමක සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී ඇති බවයි එයාර් ඉන්දියා ගුවන් සේවය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08