පසුගිය ජුනි 12 වන දින සිදු වූ එයාර් ඉන්දියා ගුවන් අනතුර, නියමුවා හිතාමතාම සිදුකළ එකක් බවට ඉන්දියාවේ ප්‍රමුඛ ගුවන් සේවා විශේෂඥයෙකු වන කපිතාන් මොහාන් රංගනාදන් පවසනවා.
ඉන්ධන විසන්ධි කිරීමේ ස්විචයන් සහ නියමු කුටියේ සිදුවූ සංවාදයේ අනුපිළිවෙල පෙන්වා දෙමින් කපිතාන් මොහාන් රංගනාදන් පවසන්නේ අනතුර හිතාමතා කළ ක්‍රියාවන් නිසා ඇති වූවක් විය හැකි බවයි.
NDTV ප්‍රවෘත්ති නාළිකාව සමඟ විශේෂ සාකච්ඡාවකට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
ගුවන් යානයේ සිටි පුද්ගලයින් 242 දෙනෙකුගෙන් 241 දෙනෙකුට මරු කැඳවමින් සිදු වූ මෙම අනතුර සම්බන්ධයෙන් ඉන්දීය ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශය සිදුකළ විමර්ශනයේ වාර්තාව අද අලුයම් කාලයේ නිකුත් කරනු ලැබුවා.
යානයේ එන්ජින් වෙත ඉන්ධන ප්‍රවාහය පාලනය කරන ඉන්ධන කඩඉම් ස්විච, තත්පරයක් ඇතුළත ‘RUN’ සිට ‘CUTOFF’ ස්ථානයට එකින් එක සංක්‍රමණය වී ඇති බවත්, මේ හේතුවෙන් එන්ජින් සඳහා ඉන්ධන සැපයුම අක්‍රියවීම මෙම අනතුර හේතු වී ඇති බවයි එමඟින් අනාවරණය කර ඇත්තේ.
මේ අතර මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් වඩා විනිවිද භාවයකින් යුතු විමර්ශනය අවශ්‍යතාව මතුවන බව ඉන්දීය ගුවන් නියමුවන්ගේ සංගමය සඳහන් කරනවා.
මෙම අනතුරේ විමර්ශන හසුරුවන ආකාරය පිළිබඳව එම සංගමය කනස්සල්ල පළකරන අතර, ගුවන් නියමුවාගේ වරදින් අනතුර සිදුවූ බවට අනුමාන කෙරෙන දිශාවකට විමර්ශන යොමුවීම සම්බන්ධයෙන් ඔවුන් දැඩි විරෝධය පළ කර සිටිනවා.





