එයාර් ඉන්දියා ගුවන් අනතුර නියමුවා හිතාමතාම සිදුකළ බවට චෝදනාවක් – ඉන්දීය ගුවන් නියමුවන් කනස්සල්ලෙන්

පසුගිය ජුනි 12 වන දින සිදු වූ එයාර් ඉන්දියා ගුවන් අනතුර, නියමුවා හිතාමතාම සිදුකළ එකක් බවට ඉන්දියාවේ ප්‍රමුඛ ගුවන් සේවා විශේෂඥයෙකු වන කපිතාන් මොහාන් රංගනාදන් පවසනවා.

ඉන්ධන විසන්ධි කිරීමේ ස්විචයන් සහ නියමු කුටියේ සිදුවූ සංවාදයේ අනුපිළිවෙල පෙන්වා දෙමින් කපිතාන් මොහාන් රංගනාදන් පවසන්නේ අනතුර හිතාමතා කළ ක්‍රියාවන් නිසා ඇති වූවක් විය හැකි බවයි.

NDTV ප්‍රවෘත්ති නාළිකාව සමඟ විශේෂ සාකච්ඡාවකට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ගුවන් යානයේ සිටි පුද්ගලයින් 242 දෙනෙකුගෙන් 241 දෙනෙකුට මරු කැඳවමින් සිදු වූ මෙම අනතුර සම්බන්ධයෙන් ඉන්දීය ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශය සිදුකළ විමර්ශනයේ වාර්තාව අද අලුයම් කාලයේ නිකුත් කරනු ලැබුවා.

යානයේ එන්ජින් වෙත ඉන්ධන ප්‍රවාහය පාලනය කරන ඉන්ධන කඩඉම් ස්විච, තත්පරයක් ඇතුළත ‘RUN’ සිට ‘CUTOFF’ ස්ථානයට එකින් එක සංක්‍රමණය වී ඇති බවත්, මේ හේතුවෙන් එන්ජින් සඳහා ඉන්ධන සැපයුම අක්‍රියවීම මෙම අනතුර හේතු වී ඇති බවයි එමඟින් අනාවරණය කර ඇත්තේ.

මේ අතර මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් වඩා විනිවිද භාවයකින් යුතු විමර්ශනය අවශ්‍යතාව මතුවන බව ඉන්දීය ගුවන් නියමුවන්ගේ සංගමය සඳහන් කරනවා.

මෙම අනතුරේ විමර්ශන හසුරුවන ආකාරය පිළිබඳව එම සංගමය කනස්සල්ල පළකරන අතර, ගුවන් නියමුවාගේ වරදින් අනතුර සිදුවූ බවට අනුමාන කෙරෙන දිශාවකට විමර්ශන යොමුවීම සම්බන්ධයෙන් ඔවුන් දැඩි විරෝධය පළ කර සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33