”එයාර් ඉන්දියා ගුවන් අනතුරට හේතුව නියමු අසුනේ අගුල බිඳී යාමක් ” බවට පැතිරෙන පුවත අසත්‍යයක්

පසුගියදා ගුජරාටයේ අහමදාබාද් හි දී බීජේ වෛද්‍ය ශිෂ්‍ය නේවාසිකාගාරය මතට කඩා වැටී ජීවිත 290කට අධික සංඛ්‍යාවකට මරු කැඳවූ AI 171 දරන ගුවන් යානයේ කාර්මික දෝෂයට හේතුව නියමු අසුනේ අගුල බිඳී යාමක් බවට පැතිරෙන පුවත අසත්‍යයක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

AAIB මූලික වාර්තාව උපුටා දක්වමින් මෙම අසත්‍ය පුවත සංසරණය වන බවත් මෙතෙක් අදාළ ගුවන් අනතුරට හේතුව නිශ්චිතව සොයාගෙන නොමැති බව ද තොරතුරු වාර්තා වනවා.

ගුවන් ගමන් අංක AI 171 දරණ ගුවන් අනතුර සම්බන්ධ ගුවන් අනතුරු විමර්ශන බියුරෝවේ (AAIB) මූලික වාර්තාව (Preliminary Report) එළි දක්වා ඇති බවට සඳහන් කරමින් අදාළ අසත්‍යය පුවත වේගයෙන් සංසරණය වන බවයි ඉන්දීය මාධ්‍ය පෙන්වාදෙන්නේ.

”අනතුරට ප්‍රධාන හේතුව ගුවන් යානය ගුවන්ගත වන අවස්ථාවේ ප්‍රධාන නියමු ආසනයේ අගුල (Seat lock) කැඩීයාම හේතුවෙන් නියමු අසුන පිටුපසට නියමුවා ද සමග තල්ලුවීම හේතුවෙන් යානයට බලය සපයන ලිවරය ද(Thrust lever) නියමුවා ද සමග පසුපසට ඇදීම හේතුවෙන් යානයට අවශ්‍ය එන්ජින් බලය අවම වීම මත ගුවන් යානය කඩා වැටී ඇති බව” යනුවෙන් අසත්‍ය කරුණක් සමාජගත වී ඇති බැවින් එය සම්පූර්ණයෙන් ම ගොතන ලද්දක් බව ද ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා.

අනතුර පිළිබඳ විමර්ශනය එහි මුල් අවධියේ පවතින අතර, කිසිදු හේතුවක් නිශ්චය කර නැති බවත් බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් යානයේ අලාභය වටා ව්‍යාජ ආඛ්‍යානයක් නිර්මාණය කිරීම සඳහා වෙනම හා සම්බන්ධයක් නැති ගුවන් සේවා සිදුවීමකින් තොරතුරු උපයෝගී කරගනිමින් මෙම වංචනික වාර්තාව ප්‍රබන්ධ කෘතියක් ලෙස සකසා ඇති බව ද වැඩිදුරටත් වාර්තා වනවා.

මූලාශ්‍රය –https://www.aviacionline.com/fact-check-viral-air-india-crash-preliminary-report-a-hoax

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මම රටට දෙන ආතල් එක රු 1000යි දෙන්නේ - මදිනේ සර් l Archuna
00:42
Video thumbnail
අඟුරු කුමාරයි බාල කුමාරයි එකතුවෙලා කරපු හොරකමක් මේ..විමල් හොදටම අමතයි
10:06
Video thumbnail
ගල් අඟුරුත් බාලයි.. රාජ්‍ය පාලනයත් බාලයි l Sajith l Anura
13:30
Video thumbnail
හා හා කෑවා නේද.. දැන් හිනාවෙන්නකෝ l Namal Rajapaksha
10:57
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."සුගීෂ්වර, කුමාර ජයකොඩිට හොදටම දෙසයි
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04