”එයාර් ඉන්දියා ගුවන් අනතුරට හේතුව නියමු අසුනේ අගුල බිඳී යාමක් ” බවට පැතිරෙන පුවත අසත්‍යයක්

පසුගියදා ගුජරාටයේ අහමදාබාද් හි දී බීජේ වෛද්‍ය ශිෂ්‍ය නේවාසිකාගාරය මතට කඩා වැටී ජීවිත 290කට අධික සංඛ්‍යාවකට මරු කැඳවූ AI 171 දරන ගුවන් යානයේ කාර්මික දෝෂයට හේතුව නියමු අසුනේ අගුල බිඳී යාමක් බවට පැතිරෙන පුවත අසත්‍යයක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

AAIB මූලික වාර්තාව උපුටා දක්වමින් මෙම අසත්‍ය පුවත සංසරණය වන බවත් මෙතෙක් අදාළ ගුවන් අනතුරට හේතුව නිශ්චිතව සොයාගෙන නොමැති බව ද තොරතුරු වාර්තා වනවා.

ගුවන් ගමන් අංක AI 171 දරණ ගුවන් අනතුර සම්බන්ධ ගුවන් අනතුරු විමර්ශන බියුරෝවේ (AAIB) මූලික වාර්තාව (Preliminary Report) එළි දක්වා ඇති බවට සඳහන් කරමින් අදාළ අසත්‍යය පුවත වේගයෙන් සංසරණය වන බවයි ඉන්දීය මාධ්‍ය පෙන්වාදෙන්නේ.

”අනතුරට ප්‍රධාන හේතුව ගුවන් යානය ගුවන්ගත වන අවස්ථාවේ ප්‍රධාන නියමු ආසනයේ අගුල (Seat lock) කැඩීයාම හේතුවෙන් නියමු අසුන පිටුපසට නියමුවා ද සමග තල්ලුවීම හේතුවෙන් යානයට බලය සපයන ලිවරය ද(Thrust lever) නියමුවා ද සමග පසුපසට ඇදීම හේතුවෙන් යානයට අවශ්‍ය එන්ජින් බලය අවම වීම මත ගුවන් යානය කඩා වැටී ඇති බව” යනුවෙන් අසත්‍ය කරුණක් සමාජගත වී ඇති බැවින් එය සම්පූර්ණයෙන් ම ගොතන ලද්දක් බව ද ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා.

අනතුර පිළිබඳ විමර්ශනය එහි මුල් අවධියේ පවතින අතර, කිසිදු හේතුවක් නිශ්චය කර නැති බවත් බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් යානයේ අලාභය වටා ව්‍යාජ ආඛ්‍යානයක් නිර්මාණය කිරීම සඳහා වෙනම හා සම්බන්ධයක් නැති ගුවන් සේවා සිදුවීමකින් තොරතුරු උපයෝගී කරගනිමින් මෙම වංචනික වාර්තාව ප්‍රබන්ධ කෘතියක් ලෙස සකසා ඇති බව ද වැඩිදුරටත් වාර්තා වනවා.

මූලාශ්‍රය –https://www.aviacionline.com/fact-check-viral-air-india-crash-preliminary-report-a-hoax

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?