තවත් එයාර් ඉන්දියන් ගුවන් යානයක් තාක්ෂණික දෝෂයක් මත හදිසියේ ගොඩබස්වයි

ඉන්දියාවේ එයාර් ඉන්දියන් ගුවන් සේවයට අයත් තවත් ‍යානයක් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් හදිසි ගොඩබැස්වීමකට ලක් කර තිබෙනවා.

හින්දුස්තාන් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කළේ බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් AI315 ගුවන් යානය හොංකොං සිට දිල්ලිය බලා පියාසැරි ආරම්භ කර තිබියදී මෙලෙස යළි ගොඩබස්වා ඇති බවයි.

තොරතුරු වාර්තා වන පරිදි අවදානමක් සිදුවීමට පෙර ගුවන් නියමුවා යළි එය ගමන ආරම්භ කළ ගුවන් තොටුපොළ වෙත ම ගොඩබැස්වීමට කටයුතු කර තිබෙනවා.

මීට පෙර, හයිද්‍රාබාද් බලා පිටත් වූ ලුෆ්තන්සා ගුවන් යානයකට බෝම්බ තර්ජනයක් හේතුවෙන් ගොඩබෑමේ අවසරය නොලැබීම නිසා යූ-හැරීමක් කර ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන් තොටුපළට ආපසු යාමට සිදු වූ බවත් වාර්තා වනවා.

LH752 ගුවන් යානය ෆ්‍රැන්ක්ෆර්ට් සිට පිටත් වී අද (16) අලුයම හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණීමට නියමිතව තිබුණා.

“හයිද්‍රාබාද්හි ගොඩබෑමට අපට අවසර පත්‍රයක් නොලැබුණු අතර, එම නිසා යානය යූ-හැරීමක් ගෙන ආපසු පැමිණියේය,” යනුවෙන් ලුෆ්තන්සා ගුවන් සේවය උපුටා දක්වමින් ANI වාර්තා කළා.

අහමදාබාද්හි සිදු වූ විනාශකාරී බෝයිං787 ඩ්‍රීම්ලයිනර් අනතුරෙන් පසු එයාර් ඉන්දියා ගුවන් සේවයට එරෙහිව මහජන කෝපය ඉහළ ගොස් ඇති බව ද වාර්තා වනවා.

ගුවන් සේවයේ නඩත්තු සහ නියමු පුහුණු ක්‍රියා පටිපාටිවල සිදු වූ අඩුපාඩු පිළිබඳව මෙහිදී ඉන්දීය ජනතාව ප්‍රශ්න කරන බවයි පැවසෙන්නේ.

ගුවන් අනතුර විමර්ශනය කිරීම සඳහා රජය ඉහළ මට්ටමේ මණ්ඩලයක් පිහිටුවා ඇති අතර, සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් (DGCA), ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශයේ (AAIB) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ස්වාධීන ගුවන් සේවා ආරක්ෂණ විශේෂඥයින්ගෙන් සමන්විත විමර්ශන කමිටුව, සිද්ධියට හේතු විය හැකි තාක්ෂණික දෝෂ, නඩත්තු වාර්තා සහ කාර්ය මණ්ඩල ක්‍රියාමාර්ග සොයා බලනු ඇති.

ජුනි 12 වන දින, අහමදාබාද් සිට ලන්ඩන් දක්වා ක්‍රියාත්මක වූ බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් යානයක් වන එයාර් ඉන්දියා 171 ගුවන් යානය සර්දාර් වල්ලභ්බායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ගුවන්ගත වීමෙන් ටික වේලාවකට පසු බීජී වෛද්‍ය ශිෂ්‍ය නේවාසිකාගාරය මතට කඩා වැටුණේ ජීවිත 290කට අධික සංඛ්‍යාවකට මරු කැඳවමින්.

මූලාශ්‍රය – www.hindustantimes.com

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
9
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC තමන්ගේ නිල නිවසේදී කතකට කළ අපරාධය.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09


?