AFC Banner
AFC Banner
Empty Ad

එම්.ඒ. සුමන්තිරන් ඉදිරිපත් කළ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීරණය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළා.

අදාළ කෙටුම්පත අභියෝගයට ලක්කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය ගුණදාස අමරසේකර සහ ව්‍යාපාරික කාන්තාවක් විසිනුයි පෙත්සම් ඉදිරිපත් කර තිබුණේ.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණිෂ්ක විතාරණ මහතා පෙන්වා දුන්නේ යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්ති වලින් ජනතාවගේ ඡන්ද අයිතිය කප්පාදු වීමක් සිදුවන බවයි.

එම නිසා අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්තුලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

කරුණු විභාගය අවසන් කර ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීරණය කතානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?