එම්පොක්ස් නව ප්‍රභේදය වැළඳුණු පළමු ආසියාවේ ආසාදිතයා හමුවෙයි

ආසියාවේ පළමු සහ අප්‍රිකාවෙන් පිටත දෙවැන්න ලෙස Mpox හි නව ප්‍රභේදය වැළඳුණු රෝගියෙක් තායිලන්තයෙන් වාර්තා වනවා.

මෙම පුද්ගලයා 66 හැවිරිදි වියෙහි පසුවන්නෙක් බවයි හෙළි ව ඇත්තේ.

තායිලන්ත සෞඛ්‍ය් අංශ පවසන්නේ මෙම පුද්ගලයා අප්‍රිකානු රටක සිට තායිලන්තයට පැමිණ ඇති බවයි.

තායිලන්තයේ රෝග පාලන දෙපාර්තමේන්තුව වාර්තා කරන පරිදි ආසාදිතයාව රෝග ලක්ෂණ පෙන්වීමට පටන් ගත් වහාම ප්‍රතිකාර සඳහා යොමුකර ඇති අතර, ඔහුට වැළඳී ඇත්තේ Mpox හි Clad 1b ලෙස හඳුනාගෙන තිබෙනවා.

පසුගිය වසරේ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය කේන්ද්‍රගතව ආරම්භ වූ Mpox හෙවත් වඳුරු උණ වසංගත තත්ත්වය පුද්ගලයින් 450 දෙනෙකුට දිවි අහිමි කරනු ලැබුවා.

එතැන් සිට එය බුරුන්ඩි, කෙන්යාව, රුවන්ඩාව සහ උගන්ඩාව ඇතුළු ආසන්න රටවල් ගණනාවකට ව්‍යාප්ත වූ අතර මේ වන විට එහි Clad 1b නමින් හැඳින්වෙන වඩාත් ප්‍රබල ප්‍රභේදයක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව අප්‍රිකානු මහාද්වීපයෙන් පිටත පළමු Clad 1b ආසාදිතයා පිළිබඳව මීට සතියකට පෙර වාර්තා වූයේ ස්වීඩනයෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?