එන්නත නොගත් අයට වැඩ වරදි…

කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කෙරෙන පොදු ස්ථාන සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කිරීම ඉදිරි දින කිහිපය තුළ සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අප්‍රේල් මස 30 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පොදු ස්ථාන සඳහා එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම පිළිබඳව අතිවිශේෂ ගැසට් නිවේදනයක් පසුගියදා නිකුත් කළේය.

ඒ අනුව අදාළ ස්ථාන සම්බන්ධයෙන් නිසි බලධරයා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඉදිරියේදී දැනුම් දීමට නියමිත බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේය.

ඊට අදාළ සාකච්ඡා මේ වන විට සිදුවෙමින් පවතින අතර කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කෙරෙන ස්ථාන සම්බන්ධයෙන් කොවිඩ් මර්දනය සඳහා වන තාක්ෂණික කමිටුව විසින් සළකා බලමින් සිටින බව සඳහන් ය.

පොදු ස්ථාන වෙත ප්‍රවේශ වීමේදී පූර්ණ එන්නත්කරණයට ලක්වූ බව සඳහන් එන්නත් කාඩ්පත ඉදිරිපත් කිරීම ඉදිරියේදී අනිවාර්ය වන බැවින් මෙතෙක් බූස්ටර් මාත්‍රාව ලබා නොගත් පුද්ගලයින් කඩිනමින් එය ලබා ගැනීම සඳහා යොමුවන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා දැනුම්දෙයි.

මේ වන විටත් මෙරට ඉලක්කගත ජනගහනයෙන් මාත්‍රා තුනම ලබා ගනිමින් පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇත්තේ 78 ලක්ෂයක පමණ පිරිසක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
30
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවට තව දින 10යි - GMOA එකෙන් රජයට රතු එළියක්
12:23
Video thumbnail
අගමැතිතුමියට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක්
08:48
Video thumbnail
මුන් කැලේ හිටියේ - පන්සලේ සිවුරට පිහිට වෙලා ජීවිත බේරාගත්තේ
08:03
Video thumbnail
ආනන්ද පාලිතගෙන් විමල්ට සැර සත්තමක්.."කඩේ යන එකත් සීමාවක් තියාගන්න..අපිව අන්ධන්න එපා"
06:21
Video thumbnail
අලුත් වාහනයක් ගන්න මිනිස්සු හොයාගෙන එන විශ්වාසය දිනූ එකම තැන Intimate Lanka (PVT) LTD
15:02
Video thumbnail
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ කළ ප්‍රධාන මාර්ග බැලිමට NBRO නිලධාරින් එයි
03:13
Video thumbnail
මාලිමාවට හරිනි හිසරදයක් වෙලා - පැලවත්තෙන් තමයි රට පාලනය කරන්නේ
17:06
Video thumbnail
බන්ධනාගාරය අපරාධකායෝ බිහිකරන ෆැක්ටරියක්..ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පතිගෙන් ප්‍රබල හෙළිදරව්වක්
14:02
Video thumbnail
"අපේ බහුතරය අපි සහතික කළා"කොළඹ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට
08:17
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
00:34


?