එන්නත් නොගත් අයට බස් ගාස්තු ඩබල් කරයි ?

එක් එන්නතක් හෝ ලබානොගත් පුද්ගලයින් බස් රථවලට ඇතුළුවීමේ දී ඔවුන්ගෙන් සාමාන්‍ය බස් ගාස්තුව මෙන් දෙගුණයක් අයකර ගැනීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

බස්රථ සඳහා ඇතුළුවීමේ දී කොවිඩ් එන්නත් ලබාගත් බවට තහවුරු කර ඇති එන්නත් කාඩ් පතෙහි ඡායා පිටපතක් මගීන් සතුව තිබිය යුතු බව ඒ මහතා මේ බව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අද(31) දිනයේ ප්‍රවාහන අමාත්‍යවරයාට හා ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දීමක් කිරීමට නියමිත බව ගැමුණු විජේරත්න මහතා පවසයි.

“දුර සේවා බස්රථවල යෑමේ දී එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගත් වයස අවුරුදු 30 ට වැඩි සියලුම මගීන් එන්නත් ලබාගත් කාඩ් පතෙහි ඡායාරූපයක් අනිවාර්යෙන්ම රැගෙන ආ යුතුයි. ඡායාපිටපතක් අරගෙන තමයි බස්රථයට ගොඩවීමට අපි ඉඩදෙන්නේ. එහෙම නැතු වුණොත් ද්විත්ව ආසනයකට එක් අයෙකුට යන්න වෙන්නේ. එතකොට ගාස්තුව දෙගුණයක් ගෙවන්න වෙනවා. ඒ වගේම සුඛෝපභෝගී බස්රථ ආසනයට එක්කෙනා බැගින් ගෙනියනවා. ඒ බස්රථවලත් ඡායාපිටපත අනිවාර්යයි. අපි සැලසුම් කරනවා ආසනයෙන් එක් අයෙක් යනවා නම් ගාස්තුවෙන් එකහමාරක ප්‍රමාණයක් අය කරන්න.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?