එඬේරමුල්ලේ දී කෝච්චි පෙට්ටියක් හදිසියේ ගිනි ගනියි ?

මාතර සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය එඬේරමුල්ල ප්‍රදේශයේදී හදිසියේම ගිනි ගනී

මාතර සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ගින්නක් හටගෙන තිබෙනවා.

අද (20) පස්වරුවේ මෙම සිදුවීම සිදු ව ඇත්තේ එඬේරමුල්ල ප්‍රදේශයේ දී බවයි පොලිසිය පැවසුවේ.

කෙසේවෙතත් අදාළ දුම්රියෙහි එන්ජිමෙහි ඇති වූ කාර්මික දෝෂයක් සමග දුම් ජාලාවක් නිකුත් වීමත් සමග දුම් රිය ධාවනය නැවතීමට එහි රියදුරු කටයුතු කර තිබෙනවා.

අදාළ සිදුවීම වූ ස්ථානයට එඬේරමුල්ල පොලිස් නිලධාරින් ද ගොස් ඇති අතර කඩිනමින් මගීන් අදාළ අවදානම් කලාපයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරුණා.

කෙසේවෙතත් ඉන් දැඩි දේපොළ හෝ ජීවිත හානි හෝ තුවාල කිසිවක් සිදු වී නැති බවත් එඬේරමුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා අප කළ විමසීමක දී තහවුරු කළා.

රාගම දුම්රිය අංගනයෙන් දුම්රිය එන්ජිමක් පැමිණ කාර්මික දෝෂයට ලක් වූ එන්ජිම ඉවත් කර, නව එන්ජිම සවිකිරීමෙන් පසු ගමනාන්තය ඇරඹූ බවත් පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?