එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් අල්ලන මහ බැංකුවේ වාහන සම්බන්ධ යෝජනාව මෙන්න

මෙරටට වාහන ආනයනය කිරීමේ දී ඊට අදාළ බදු සහ අනෙකුත් ගෙවීම් විදේශ විනිමය හරහා සිදුකිරීම පිළිබඳව යෝජනාවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයට ලිඛිතව දැනුම් දීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

වාහන ආනයනයේ දී බදු ඇතුළු අනෙකුත් ගෙවීම් විදේශ විනිමයෙන් ගෙවීම සඳහා යම් සාකච්ඡාවක් ඇති වී ඇත්දැයි යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අද (14) පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව අනාවරණය කළේය.

මූල්‍ය ස්ථාවරත්වය හා මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය රැකගැනීම මහ බැංකුව එක් කාර්යාභාරයක් වන අතර එහිදී යම් භාණ්ඩයක හෝ භාණ්ඩ කළඹක මිල වැඩිවෙන තත්ත්වයක් තිබෙනවා නම් ඒ ගැන ඔවුන් කල්පනාකාරී වන බව ඔහු පවසයි.

“වාහන සම්බන්ධයෙන් යම් බුබුලක් ඇති වෙන බව අපි දැන් දකිනවා. ඒ තුළින් සමහර විට අපේ පද්ධතියට යම් හානියක් සිදුවෙන්න පුළුවන් ඉදිරි කාලයේ දී. ඒ නිසා අපේ යෝජනාවක් තිබෙනවා, පිටරට මුදල්වලින් වාහන ගේන්න පුළුවන් නම්, ඊට අමතරව විදේශ විනිමයෙන් ඊට අවශ්‍ය වන බදු ගෙවීම සඳහා අපට ක්‍රමවේදයක් සකස් කරන්න පුළුවන් නම්, ඒ තුළින් එක පැත්තකින් අපට විදේශ විනිමය ගලා ඒමක් සිදුවෙනවා.

තව පැත්තකින් රටට අවශ්‍ය ඒ භාණ්ඩයත් ලැබෙනවා. හෙට අනිද්දා වෙනකොට ඒ පිළිබඳ රජයට ලිඛිතව දන්වන්න අපි බලාපොරොත්තු වෙනවා. රජයට ඒ ගැන සැලකිලිමත් වෙන්නට පුළුවන්. අපි හිතන විදියට මෙවැනි තත්ත්වයකට අපි මුහුණ දෙන්නට අවශ්‍යයි. එක පැත්තක් තියෙනවා, මිල අධික වීම, අනෙක් පැත්තෙන් ජනතාවට ඒකේ අවශ්‍යතාවයක් වීම. තව පැත්තකින් පිටරට මුදල් ලංකාවට ගලාඒමට පද්ධතියක් ඇති කිරීම වැනි සියලුම පැතිවලින් බලද්දී මේ යෝජනාවේ යම් සාධනීය භාවයක් තියෙනවා. මහ බැංකුව හැටියට යෝජනාවක් හැටියට අපිට ඒක ලබා දෙන්න පුළුවන්.“යැයි වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
87
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?